IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ගම්පහ දරු උපත් අඩුවෙලා

( තිලකරත්න දිසානායක.) 

ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

මෙලෙස දරු උපත් අඩුවීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ , දත්තයන්ට අනුව 2017 වර්ෂයේ සිට මෙම වසර දක්වා බැලීමේදී මෙම අඩුවීම පෙනෙන්නට ඇති බවය.

මෙම හත් වසරක දරු උපත් ලෙස බැලීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙහි 2017 වර්ෂයේදී  29,560 දෙනෙකු , 2018 වසරේදී 29,224 දෙනෙකු , 2019 වසරේදී    28,553 දෙනෙකු , 2020 වසරේදී 27,497 දෙනෙකු , 2021 වසරේදී  24,999 දෙනෙකු , 2022 වසරේදී  23,512 දෙනෙකු  සහ 2023 වර්ෂයේ ඔක්තෝබර්        මාසය වනවිට 17,897 දෙනෙකු වශයෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය. 

 

 

 



අදහස් (4)

ගම්පහ දරු උපත් අඩුවෙලා

Deepal Nirosh Thursday, 07 December 2023 09:43 PM

අපි අහල තියෙන දත්ත වාර්තා අනුව ගම්පහ කියන්නෙ ලංකාවෙ දියුණුම දිස්ත්‍රික්කය, ඒ වගේම ඉහළම අධ්‍යාපන මට්මමක් හා පහසුකම් ඇති දිස්ත්‍රික්කය. එතකොට මොකද්ද ප්‍රතිලෝම සම්බන්ධය?

:       0       0

කමනි Friday, 08 December 2023 06:12 AM

දරුවන් ලබන වයසේ අය විදේශගත වෙලා ඇති

:       0       1

rattu Friday, 08 December 2023 08:43 AM

අහෝ දුකකි, සිංහල අපේ වඳවීම සීඝ්‍රෙවලා... සිංහලයින්ට උදව් කරන්න ඉන්නේ හොර ගබ්සාකාරයෝ විතරයි...

:       3       2

අනාරක්ෂිත පුංචි පවුල Friday, 08 December 2023 11:49 AM

ඇත්තටම රජයේ සේවකයින් හා නිලධාරින් විශාල වශයෙන් ඉන්නවා ඔවුන්ට සමාජයේ අනෙක් අයට වගේ ආර්ථික දුෂ්කරතා නැහැ. ඒ නිසා රජයේ සේවයේ අයට අවම වශයෙන් දරුවන් තිදෙනකුවත් සිටිය යුතු යැයි නීතියක් ගෙනාවොත් හොඳයි... ඒ වගේම රජයේ සේවය සඳහා බැඳෙන සියලු දෙනාම සේවයට බැඳී මුල් අවුරුදු පහ අවසන් වීමට පෙර විවාහයක් කරන්න කියලා නීතියක් ගෙනාවොත් වටිනවා...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site