(කීර්ති ප්‍රනාන්දු )
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන තිබේ .
මේ වන විට එම හඳුනාගත් ප්‍රදේශ තුළ මීඋණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවිකිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි එම කාර්යාලය පවසයි .
මාදෙල්ගමුව, නැදගමුව, පත්තඩුවන, නිල්පනාගොඩ ,හොරම් පැල්ල, උඩුගම්පොළ, මැදගම්පිටිය දෙවොල පොළ, වෑගොව්ව, මාරපොළ , යටියන, කොරස , වීදියවත්ත , අස්ගිරිය ,ගල්ඔළුව, එම ප්‍රදේශ අධිඅවදානම් ගම් ලෙස නම් කර ඇත.
මෙම අධි අවදානම් ප්‍රදේශ ඇතුළින් ඉකුත් වසරේදී මී උණ රෝගීන් විශාල ලෙස වාර්තා වූ බවත් මෙම වසරේ පළමු මාස 04 කාලය තුළදී පමණක් මී උන රෝගය වැළඳුණු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු සහ මරණ 02 ක් වාර්තා වී ඇතැයිද එම කාර්යාලය පෙන්වා දෙයි .
මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු යාගොඩ මුල්ල සිට හීනටියන දක්වා පුරන් කුඹුරු යායක් මැදින් පයින් ගමන් කළ අයකු බව පවසන සෞඛ්‍ය නිලධාරීන් අනෙක් පුද්ගලයා අස්ගිරි වල්පොල ප්‍රදේශයේදී අත්තනගලු ඔයේ අතු ශාඛාවක් දෙපස දර කැඩීමට ගිය අයෙකු බවද කියයි.
ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.
ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය. ඉප්ස්විච් නගර සභා වාර්ෂික ර
නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්
ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.
නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගම්පහට මී උණ අවදානමක්