IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසඳුම් ඉල්ලති

වල් අලි ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි කළුවරගස් වැව වල්ලිගම වැසියෝ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය ඉදිරිපිට අද අලුයම සිට විරෝධතාවක් ඇරැඹූහ.

පුත්තලම ආනමඩුව මහාමාර්ගය ද හරස් කරමින් 300ක පිරිසක් විරෝධයට එක් වූහ.

පුත්තලම නගරයේ රැකියාවට යමින් සිටි දෙදරු පියකු වන සුනිල් ප්‍රේමතිලක මහතා (45) අද අලුයම වල්අලි ප්‍රහාරයකින් මියයාමෙන් පසුව ගැමියෝ සිය විරෝධය පළ කරන්නට වූහ.

ජ්‍යෙෂ්ඨ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා ද එහි පැමිණ ප්‍රාදේශීය ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වීය.

(වීඩියෝ එච් චන්දන)

(ඡායාරූප හිරාන් ප්‍රියංකර)

 

 

 

 



අදහස් (0)

ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසඳුම් ඉල්ලති

උපාලි Wednesday, 24 July 2013 01:16 AM

1. අලියෙක් ගහපුවාම මිනිස්සු එක්කෝ ප්‍රාදේශීය ලේකම්ට ගහනවා. 2. නැත්නම් මිනි පෙට්ටිය අරන් පෙළපාලි යනවා. 3. ලොක්කෙක් ඇවිත් ‘බටර් ටිකක්‘ ගාලා යනවා. 4. මිනිස්සු ආපහු යනවා. 5. දැන් ළමයි ඔය 1 සිට 4 දක්වා වාක්‍ය නැවත නැවත කියා කියා ඉන්න. (නි)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 12:38 PM

මේවා මම කිව්වම බණ්ඩාරලා කියන්නේ මොනවද? මේ දවස් දෙක තුනට අලි ගහලා මරණ කීයක් වාර්තා උනාද? මේවට විසදුම් මොනවද කියල බණ්ඩාරලා වගේ අයටත් තේරෙන්නේ නැත්තම් පාලකයන්ට කොහේ තේරේවිද ?(නදී)

:       0       0

නීල්-රානා Tuesday, 23 July 2013 12:39 PM

මේ රටේ කොපමණ නම් කළුවර ගස් තිබුනද යන්න මෙවැනි ග්‍රාම නාම වලින් තහවුරු වෙනවා. ගස් නැති රටේ දැන් ඇත්තේ නම් පමණයි. ලංකාවත් හරියටම රූප නැති නාමය පමණක් ඇති බඹ ලොවක් වගේ අවතාර රජයනවා.(නදී)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 23 July 2013 06:49 PM

නැහැ පිටබැද්දර ජයා, ඔය අලින්ට තරහා ගිහින් තියෙන්නේ. ඔයාලා අලින්ව පෙරහැරට ගන්නවනේ. පව් අපේ අලියෝ ටික (නි)

:       0       0

අබ්දුල් Tuesday, 23 July 2013 02:15 PM

වෙනත් රටවල් වල් අලි මස් ආහාරයට ගන්නවා. අලි පැටවුන්ගෙන් වෙනමම රස ආහාරය වර්ගයක් හදනවා.ඒවට ඉල්ලුමත් වැඩියි. (නි)

:       0       0

වරුණ Tuesday, 23 July 2013 02:55 PM

අබ්දුල්ට කන හරක් ටික මදි වෙලා අලි මසුත් කන්න හිතිලා වගේ...?(නදී)

:       0       0

පිටිගල Tuesday, 23 July 2013 09:10 PM

මම හිතන්නේ දැන් අවුරුදු 40 ක විතර කාලේ ඉඳන් මේ අලි ප්‍රශ්නෙට අපේ පාලක උත්තමයෝ නිල සාකච්ඡා අර සාකච්ඡා මේ සාකච්ඡා . කෙස් පැලෙන තර්ක විතර්ක කරමින් සිටිනවා. අලි ඇතුන් විශාල ලෙස මරණයට පත්වෙලා දැන් අලි ගහනය හොඳටම අඩු වෙලා. මිනිස්සු දහස් ගණනක් මැරිලා.තව ටික කලක් මෙහෙම යනකොට ඉබේම අලි ටික වඳ වෙලා යාවි. පාලකයෝ කොන්පරන්ස් තියාවි. අන්තිමට අලිත් නැහැ.අලි නිසා ප්‍රස්නයකුත් නැහැ.හරි නේද. එම නිසා ඔය අලි කරදර තියෙන මිනිස්සු.මේ උත්තමයින්ට කරදර නොකර ඉන්නවා හොඳයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 July 2013 03:03 PM

අබ්දුල්ල් , ඔයාලනම් අලි එක්ක පුදුම තරහක් තියෙන්නේ නේද ? ඔය විදයට මිනිස්සුන්ගෙන් කරයි කියල මිනිමසුත් කමු කියයි නේද ? දවසෙන් දවස වනසතුන්ගේ බුමිය මිනිස්සු අල්ලගන්නවා එකේ ප්‍රතිපල තමා මේ බුක්ති විඳින්නේ . ඇත්ත තිත්තයි එඅත් මේක තමා ඇත්ත (දී)

:       0       0

අබ්දුල් Tuesday, 23 July 2013 03:04 PM

නෑ වරුන එහෙම නෙමේ.... මං කිව්වෙ ඈත්ත... ගව මස් වලට වඩා අලි මස් ගොඩක් වෙනස්... රස වැඩියී ගොඩක්.... ඒ වගේම ගුනදායකයි.... එතකොට මෙහෙම අලි ගම් වදින්න එන්නෙත් නෑ... රතු හාල් එක්ක අලි මස් උයලා කාල තියෙනවනම් වරුන ඔහොම කියන්නේ නෑ... (දී)

:       0       0

බංඩාර Tuesday, 23 July 2013 03:21 PM

අපි දන්නේ කොහොමද වරුණත් රතු හාල් එක්ක අලි මස් කාල තියනවද කියලා.(නදී)

:       0       0

නිමලලිත Tuesday, 23 July 2013 04:15 PM

බලන්න කොපමණ හොද මැති ඇමති වරු අපිට ඉන්නවද කියල. අලි ගහල මිනිසුන් මිය ගිය හැමවිටම වැඩේ නොකෙරුනත් නිදිමත නිලදාරීන් සමග සාකච්චා කරනවනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site