ඉන්දියාවේ මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට සහ ජපානයේ සම්මේලනයකට සහභාගී වීමට විදේශ ගමන් බලපත්‍රය නිදහස් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීම ලබන නව වැනි දා සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා නියෝග කළේය.
ඕස්ට්‍රේලියා ජාතිකයකුට රුපියල් කෝටි 11ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ගම්මන්පිල මහතාගේ විදෙස් ගමන් අධිකරණයේ නියමයෙන් තහනම් කැරිණි.
නොවැම්බර 21 වැනි දා සිට නොවැම්බර 24 වැනි දා මුම්බායිහි විවාහ මංගලෝත්සවයක් ද, දෙසැම්බර නව වැනිදා සිට 20 වැනි දා දක්වා ජපානයේ සම්මන්ත්‍රණයක් ද පැවැත් වෙන බවත්, ඊට සහභාගී වීම සඳහා අවසර ලබා දෙන ලෙසත් ගම්මන්පිල මහතා ඉල්ලීමක් කළේය.
නීතිපතිවරයා එම ඉල්ලීමට විරුද්ධ විය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ගම්මන්පිල රට යන්න අවසර ඉල්ලයි
ඉමේෂ් Tuesday, 01 November 2016 08:10 AM
පිටරට වලට යන්නේ විවාහ උත්සව වලට. එ්කට මොකද ජනතාවගෙන් 100 ගානේ එකතු කරලා ඡන්දෙ කරන්නේ. අමුතුම මිනිස්සු කොට්ඨාශයක් ඉන්න රටක්. (නි)
කේ. පෙරේරා Tuesday, 01 November 2016 08:20 AM
කථාවෙන් නම් ඉන්දීය විරෝධියෙක් නේද? (නි)
සිසිල් Tuesday, 01 November 2016 08:21 AM
මෙයාට නම් රට යන්න දෙන්න එපා. හැංගිලා ඉඳීද දන්නෙ නැහැ (නි)
ජයාත් Wednesday, 02 November 2016 12:59 AM
අයියෝ, ඉක්මනට යන්න දෙන්න. හැබැයි ආපහු එන්න නොදී ඉන්න තරමට රටට හොඳයි (නි)
එක්නැලිගොඩ Tuesday, 01 November 2016 09:01 AM
ප්‍රංශයේ ඉන්න නන්දලාල් මහත්තයෝ, ඔයාට විතරමද පිටරට නෑදෑයෝ, යාළුවො ඉන්නේ. (නි)
හෆීල් Tuesday, 01 November 2016 09:17 AM
අපි මෙයාගේ විදේශ ගමනටත් රු 100ක ආධාරයක් පටන්ගනිමු. අර්ජුන් මහේන්ද්‍රනුත් ගියේ මඟුල් ගෙයකට නේද? (නි)
ටෙනිසන් Tuesday, 01 November 2016 09:50 AM
අනේ ඔන්න ඔහේ ගිහින් ආපුවාවේ! (නි)
පීරිස් Tuesday, 01 November 2016 09:51 AM
සමහරවිට අතීත රජ කාලේ සිට පැවතෙන නෑදෑ පරපුරක මඟුල් ගෙයක් වෙන්න ඇති. ඇල්වතුරත් නිවලා බොන ජාතියේ අහිංසක මනුස්සයානේ... (නි)
වෙදගේ Tuesday, 01 November 2016 11:06 AM
අනේ ඉතින් අපිව බලාගන්න කවුරුත් නැති වෙනවනේ (නි)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 01 November 2016 03:46 PM
ටෙනිසන්, අනේ ඔන්න ඔහේ ගිහින් ආපුවාවේ! ඕන නම් නෑදෑයෝ රංචුව මෙයාව තියාගත්තොත් අපටත් කණක් ඇහිලා ඉන්න පුළුවන් වේවි. යන්න ඉඩ දෙන්න පුළුවන් තරම් ඉක්මනට.(අ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 01 November 2016 07:21 AM
ගම්මන්පිලටත් එහෙනම් මුම්බායි නුවර විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමට තරම් නෑදෑයෝ, හිතවතුන් ඉන්නවා වගෙයි (නි)