IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ගම්මන්පිල නංගි පෙන්නලා අක්කා දෙන ජාතියේ කෙනෙක්‘

විපක්ෂය නියෝජනය කරන සමහර දේශපාලඥයින් නැවත රටේ “ජාතිවාදය ඇවිස්සීමට කැසකවනවා” යයි ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා විලච්චිය පේමඩුවේදී පැවසීය.

 “කොටියා නැගිටලා” මහින්ද නැගිට්ටවන්න දඟලපු ගම්මන්පිල, වීරවංශලා අද නැවත රටේ ජාතිවාදය අවුස්සන්න දඟලනවා. මං දැක්කා අර ගම්මන්පිල ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡා තිය තියා රට බෙදන්න දඟලනවා. දැන් ඔය ගම්මන්පිල මහත්තයාගේ පක්ෂය අර පිවිතුරු හෙළ උරුමය ඒ පක්ෂේ නායකයා ගම්මන්පිල, ලේකම් ගම්මන්පිල, කැඳවුම්කරු ගම්මන්පිල. ඒ මදිවට මාධ්‍ය ප්‍රකාශකත් ගම්මන්පිල. ගම්මන්පිල මහත්තයා මහින්ද පෙන්නලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට ගොඩ වුණා. එයාගේ තියෙන්නේ අමුතු දේශපාලන ප්‍රතිපත්තියක්. නංගි පෙන්නලා අක්කව දෙන්නෙ එයා. කාගෙ හරි පිහිටෙන් පාර්ලිමේන්තුවට ගිහින් යහපාලනය අවුල් කරන්න දඟලනවා. ඇයි මෙහෙම කරන්නේ? රට ගොඩ නගන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වෑයම් කරන කොට ආණ්ඩුවේ ඉන්න ඈයින්ටත් මේ හාදයා ගින්දර දීලා අමනාපකම් ඇති කරවන්න දඟලනවා. රටේ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරමින් හැසිරෙනවා. දැන් රටේ ජනතාව දැනගන්න ඕනෑ මේ පුද්ගලයා කවුද කියලා.‘‘ යැයිද අමාත්‍යවරයා කීවේය.

01-7002015922 01-7502015922 01-7792015922



අදහස් (0)

‘ගම්මන්පිල නංගි පෙන්නලා අක්කා දෙන ජාතියේ කෙනෙක්‘

නිමල් Tuesday, 22 September 2015 06:01 PM

මෙහෙම ගියොත් රට අනතුරේනේ. ආයෙත් යුද්ධයක් අපිට නම් අවශ්‍ය නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 22 September 2015 10:26 PM

ඒත් ඉතින් අනෙක් පැත්තෙන් බැලුවොත් පැරදුන අයට ඇමතිකම් දුන්නනේ ජාතික ලැයිස්තුවෙන්. පෙන්නුවේ කවුද? දුන්නේ කාටද? (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 22 September 2015 11:52 AM

එයා විතරක් නෙමෙයි, කවුරුත් කළේ ඒකම තමා. (නි)

:       0       0

සුසන්ත Tuesday, 22 September 2015 12:14 PM

කතාව නම් 100% ක් ඇත්ත. (හේ)

:       0       0

රෝහන Tuesday, 22 September 2015 12:30 PM

ඔබ තුමා හරියටම හරි ගම්මන්පිලට ඡන්දය දුන් අය දැන් පසුතැවිලි වෙනවා ඇති නේද?(හේ)

:       0       0

සුගත් Tuesday, 22 September 2015 12:47 PM

ගම්මන්පිල කියන්නේ ලංකාවට ඉතා ආදරය කරන උගත් කෙනෙක් කියලා උගත් මිනිස්සු දන්නවා. ඔබ තුමාට ගම්මන්පිල ගැන බයක් තියෙනවද? (හේ)

:       0       0

නිර්මල Tuesday, 22 September 2015 12:51 PM

තව මදි ඔහොම යමු.(හේ)

:       0       0

නදීර Tuesday, 22 September 2015 12:57 PM

සිංහල ජාතිය ගැන කතා කරන මනුස්සසයා ජාතිවදියෙක්ද?(හේ)

:       0       0

සෙනරත් Tuesday, 22 September 2015 01:22 PM

කවුරු මොනවා කිවුවත් ගම්මන්පිලට වෙන වෙන චෝදනා නැහැනේ ඔය සමහරුන්ට වගේ (නි)

:       0       0

පෙරේරා Tuesday, 22 September 2015 02:09 PM

කට විතරයි, වැඩ නැහැනේ. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 22 September 2015 02:53 PM

ගම්මන්පිල මහත්තයා හොඳයි. එතුමා රටට ආදරෙයි (නි)

:       0       0

ජයනාත් Tuesday, 22 September 2015 03:02 PM

දිය රෙද්දෙන් බෙලි කපන අය කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

විජිත Tuesday, 22 September 2015 03:41 PM

චෞර දේශපාලකයින් අපිට එපා. (නි)

:       0       0

විජිත Tuesday, 22 September 2015 03:43 PM

බලනකොට අක්කලා නංගිලා ගොඩයිනේ (නි)

:       0       0

ශෙහාන් Tuesday, 22 September 2015 03:52 PM

දැන්වත් කතාව නවත්තලා වැඩ කරලා පෙන්වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site