IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගම්පහ සුමේදයේ ශෙනුල්ට ශිෂ්‍යත්වයෙන් 198ක්

(තිලකරත්න දිසානායක)

මෙවර 5 වසර ශිෂ්‍යත්වයෙන් ගම්පහ සුමේධ විද්‍යාලයේ ශෙනුල් අක්මීමන සිසුවා ලකුණු  198 ක් ලබා ගැනීමට සමත්ව ඇත. 

ගම්පහ , හංසගිරි පාර ප්‍රදේශයේ පදිංචි පවුලක එකම දරුවා වන ශෙනුල් සිය ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කර සිටියේ , තමන් මෙම විභාගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙන බවට විශ්වාසයක් තිබූ බවය.

තම අනාගත බලාපොරොත්තුව ගණිත අංශයෙන් රැකියාවක නිරත වෙමින් රටට සේවයක් කිරීම බවත් දරුවා සදහන් කළේය. 



අදහස් (6)

ගම්පහ සුමේදයේ ශෙනුල්ට ශිෂ්‍යත්වයෙන් 198ක්

pakeer Friday, 17 November 2023 11:32 AM

රටට කරන ලොකුම සේවය තමයි... මෙහෙන් ගිහින්... මේකෙ ඉන්න අයට ඒ රටට යන්න උදව් කරන එක... මේක ඔය පුතාට විතරක් නෙවෙයි... රටට ආදරය කරන හිම කෙනෙක්ටම කියන එකක්...

:       7       20

ආනන්ද පිටබැද්දර Friday, 17 November 2023 12:14 PM

බුදු සරණයි පුතේ ඔයාටත්... රටටම කීර්තියක් ගෙන දෙන ඉහළටම අධ්‍යාපනය ලබාගෙන කීර්තිමත් පුරවැසියෙක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!

:       0       8

manoragala Friday, 17 November 2023 12:40 PM

මෙම දරුවාට සුබ පතන ගමන් ඉටුකරගන්න වෙන අපේක්ෂාවක් තියෙනවා. අවුරුදු කීපයකට කලින් ඉංග්‍රීසි හින්දි කතා කරන දරුවකු රටේම අවධානයන ලක්වුණා. ඔහු මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියන වයසේ. ගම්පහ පැත්තේ. අපි දැනගන්න කැමතියි ඔහු ගැනත්.

:       0       1

monaragala Friday, 17 November 2023 02:12 PM

අසභ්‍ය වචන, ගඳ වැසිකිලි, ඇස්බැස්ටෝස් මඩු, ඉහින් කනින් දහදිය, ශාරීරික මානසික පීඩා, ගුරුවරු නැති කාල පරිච්ඡේද, 15 ක් යා යුතු පාසල් රථයේ 30ක් යන අපේ දරුවා මතක් වුණත් ඔබට හදවතින් සුබ පතනවා පුතේ...!

:       0       2

Jayasekara Friday, 17 November 2023 02:44 PM

ජනප්‍රිය නොවන පාසලකින් අධ්‍යාපනය ලබා... හෙට අනිද්දා... අගනුවර තවත් ජනප්‍රිය පාසලක් තවත් ජනප්‍රිය කරන්න බීජයක් වපුරයි. පව්... අසරණ, දුප්පත් පාසල්... මුළු රටේම දක්ෂයින් එක පොකුරට ගෙනැල්ලා... රටේ නමගිය පාසල් තවත් ජනප්‍රිය කරන මේ අටමගල්විභාගය නවත්වන්න ඕනෑ.

:       2       4

Maneesha Friday, 17 November 2023 10:07 PM

මෙම පාසල ගම්පහ කලාපයට කිර්තීය ගෙනාපු පාසලක් බව තරයේ මතක තබාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site