(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් අද (15) අත්තනගලු ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමෙන් සුළු ගංවතුර තත්ත්වයක් උද්ගතව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මේ හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ නවයක ඉදිරි පැය 24 තුළදී සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය මගින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, දිවුලපිටිය , මීරිගම, අත්තනගල්ල , මහර, ගම්පහ , මිනුවන්ගොඩ, ජාඇල, කටාන , වත්තල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි ජනතාවට මෙසේ සුළු ගංවතුර තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණු ඇති බවට විශ්වාස කෙරේ.
අත්තනගලු ඔය සහ ඇළ මාර්ග දෙපස පදිංචි ජනතාව මෙන්ම, එම ප්‍රදේශ හරහා දිවෙන අතුරු මාර්ග භාවිතා කරන රියදුරන්ද මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ගම්පහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. විශේෂයෙන්ම පහත් බිම්වල වෙසෙන පවුල් තම වටිනා කියන දේ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd