(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 81,082 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (11) උදෑසන වනවිට පැය 24 ක කාලය තුල ආසාදිතයින් 2000 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
මින් 240 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම , මහර - 236 ක්, බියගම සහ සීදූව කොට්ඨාසයන්ගෙන් - 220 දෙනෙකු බැගින්, වත්තල - 176 ක්, මීරිගම - 156 ක්, ගම්පහ - 143 ක්, අත්තනගල්ල - 130 ක්, කැලණිය - 123 ක්, ජාඇල සහ කටාන කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 106 දෙනෙකු බැගින් , රාගම - 45 ක්, මීගමුව - 43 ක්, දොම්පෙ - 36 ක් සහ දිවුලපිටිය - 20 වශයෙන් සිදුව ඇති බව එහි සදහන්ය.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 38 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 411 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමටත් සැක සහිත රෝගීන් 83 දෙනෙකු දිස්ත්‍රික්කයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කිරීමටත් පියවර ගෙන ඇත. මින් ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 324 දෙනෙකි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 26,778 දෙනෙකු ඊයේ වනවිට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දත්තයන්හි සදහන්ය.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 2000ක්
kapila Wednesday, 11 August 2021 01:54 PM
ගම්පහින් පමණක් දිනකට 2,000 යි. ලංකාවේම 2,960යි. එතකොට අනික් දිස්ත්‍රික්ක 24න්ම 960යිද? මේක පිළිගත හැකිද?
dann Wednesday, 11 August 2021 02:04 PM
ලෝකයේ අංක 01ට එන්න ළඟයි වගේද? දැන්වත් හරි තීරණ ගන්න මොලයක් පෑදේවා...!!