IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

මනෝප්‍රිය ගුණසේකර

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට මුදල් සැපයීමේ දී මුල්‍ය වංචා කළැයි කියන සිද්ධියට අදාළව පැමිණිල්ල විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (24) කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනාට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදෙනු ලැබීය.

එම අධිචෝදනා පත්‍ර බාර දීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගමන් තහනම් කළේය.

මෙලෙස නියම කරන ලද්දේ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු විමසිමට පත්කරන ලද විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන්,සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

වීඩියෝ - 356



අදහස් (11)

ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනාට ඇප

Raveendra Friday, 24 August 2018 06:15 AM

මහජන මුදල් හොරා කැවේ මොකාද ??? එකාට ගෙදර ගියත් තම " සිත සැහැල්ලුවෙන් නිදාගැනීමටත් නොහැකි " බව ස්ථිරය. හේතුව අනේ මම අහිංසක මිනිසුන්ගේ බදුමුදල් හොරා කැවා නේද ??? තමන්ගේ අඹුදරුවනුත් අපි මේ සැප විදින්නේ තම පියා හොරකම් කල මුදල් වලින් නේද සිතමින් අඹුදරුවනුත් නිතරම ලෙඩ ගානේය.

:       470       660

Hafeel Friday, 24 August 2018 07:50 AM

හැම අපරාධකරුවන් පසුපසම ප්‍රබල දේශපාලඥයින් ඉන්නවා.

:       12       154

RaveendraFriday, 24 August 2018 09:51 AM

හෆීල් මයා වෙත, ඔබගේ අදහස් මෙලෙස සෑම සාර්ථක මිනිසෙකු පිටිපස අවංක ගැහැණියක් සිටිනාසේම " සෑම හොර තක්කඩියෙකු පිටුපස කාලකන්නි දේශපාලකයෙක් සිටින්නේය..." නිවැරදි වන්නේ නම් වඩාත් උචිත වන්නේය.

:       0       84

sirimal Friday, 24 August 2018 08:31 AM

පුදපු ගමන් කාපි යකා කිව්වලු...

:       0       25

gunarathna Friday, 24 August 2018 08:50 AM

හොරකම් නොකරපු එක දෙසපාලුවෙක් ඉන්නවනම් මට කියනවද?මුන් සේරම හොරු. මට තියෙන්නේ වෙන ප්‍රස්නයක් .මේ අලුතෙන් දාපු අධිකරණයත් ආපු ගමන්ම ඇප දීල ගෙදර යවනවනේ. මොකක්ද මේ අලුත් එකෙයි පරණ එකෙයි වෙනස?

:       6       147

MaheeFriday, 24 August 2018 11:53 AM

එකම වෙනසයි, එක්කෙනා වෙනුවට තුන්දෙනෙක් ඉන්නවා... එච්චරයි. අනේ අපේ සල්ලි!

:       0       1

Sathya Friday, 24 August 2018 09:09 AM

ගුණරත්න අහපු ප්‍රශ්නයම තමයි මටත් තියෙන්නේ. ආපු ගමන්ම ඇප දීලා ගෙදර යවනවා නම්, මොකක්ද මේ අලුත් එකෙයි පරණ එකෙයි වෙනස? මොන පක්ෂේත් ඉන්න හොරු ටික අල්ලන්න ඕනෑ. අයථා සල්ලිත් අාපහු මහා භාණ්ඩාගාරයට අයකර ගන්න ඕනෑ.

:       0       99

Pabath Friday, 24 August 2018 09:23 AM

මේ හොඳටම ඔප්පුවෙන හොරකම්වලට මේ අයගේ දේපල තහනම් කරලා හොරා කාපු ප්‍රකෝටි ගණන් මුදල් ජනසතු කළා නම්, මහජනතාවට ඒකවත් යම් සහනයක් වෙයි. මොකද මේ අය හොරාකාපු සල්ලිවලට බදු ගෙවන්නේ අහිංසක මහජනතාව. බලමුකෝ විශේෂ අධිකරණයේ වැඩ කොහොමද කියලා.

:       0       367

sumith Friday, 24 August 2018 10:13 AM

බඩ තද කරන්නේ පුතාද? කොහොමත් බඩට වදින කාලේ ලංවෙලා තියෙන්නේ පුතෝ බලාගෙන...

:       0       34

පිටිගල මිලානෝ Friday, 24 August 2018 12:03 PM

මෙයාගේ කොළඹ හතේ ගෙවල් වලට නඩු දාන්නේ කවදාද?

:       0       138

senevi Friday, 24 August 2018 07:49 PM

හොරකම් කරලා සුද්දගෙ අැඳුම අැඳල සුද්දට අපහාස කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 46 0

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 936 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2246 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 867 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 402 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 447 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1348 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 347 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site