IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගාමිණී සෙනරත්ගේ ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු ප‍්‍රථම තී‍්‍ර පුදගල විශේෂ මහාධිකරණය   හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව අනිද්දා (24) එම විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.
 
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ප‍්‍රථම නඩුව ලෙස විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.
 
ත්‍රි පුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙහි නඩු විභාග කිරීමට නියමිතය.
 
  විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛාධිකාරී උපුල් නන්දන මහතාට බාරදුන් අතර ඒ අනුව හෙට දින සිට මෙම අධිකරණයේ නඩු විභාග කිරීම සදහා නීතීමය අවසරය ඇත.



අදහස් (9)

ගාමිණී සෙනරත්ගේ ලිට්‍රෝ වංචා නඩුව අලුත් මහාධිකරණයේ මුලටම

Gunasekara Wednesday, 22 August 2018 12:20 PM

නාට්‍ය කලාවේ නව නැම්මක්. අවුරුදු තුනක් බොරු කරපු ආණ්ඩුවක් පළාත් සභා ඡන්දය ලං වෙද්දී තවත් නාට්ටි රඟ දැක්වීමට නියමිතව ඇත. තවත් මෙවන් රංගන බලාපොරොත්තු වන්න.

:       1129       1320

සතයපාල Wednesday, 22 August 2018 12:28 PM

ගාමිණි සෙනරත්ට දැන් වෙලා තියෙන්නේ වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටුනා වගේ අකරතැබ්බයක් නොවැ.

:       1       160

MaheeThursday, 23 August 2018 12:00 AM

නෑ නෑ සත්‍යපාල, සෙනරත්ගේ අනිකුත් කටයුතු දිහා බැලුවාම පේනවා ඔහු ලොක්කගේ නියෝග හරි උපදෙස් හරි අනුව කරපු දේවල් වගේම පෞද්ගලිකව තමන්ගේ සාක්කුව සඳහාත් වැඩකර තිබෙන බව. මීයක් කඩන කොට අත ලෙවකන එකත් සිරිතක්. ලොක්කත් කෘත ගුණ සැලකීම සඳහා අත ලෙවකනවට වඩා දෙයක් මෙයාට නොදී ඉන්නෙත් නෑ.

:       0       4

Samathasena A . Aluthgamage Thursday, 23 August 2018 01:39 AM

දෑස් කළු රෙදි පටියකින් බැඳ අතේ සමබර තුලාවක් රැගෙන සිටින නීතියේ දෙව්දුවගේ සැමට සාධාරණ භාවයත්,අපක්ෂපාතීත්වයත් ලබා ගැනීමට සිරිලක් වැසියන්ට හැකිවී සැබෑ නීති ගරුක සමාජයක් ඇතිවී සියලු හොරුන්ට,තක්කඩියන්ට,මිනීමරුවන්ට නිසි දඬුවම් ලබාදී රට ඔවුන්ගෙන් බේරා ගැනීමට ශ්‍රී සද්ධර්මයේ බලයෙන්ද,ලෝක පාලක දෙවියන්ගේ උපකාරයෙන්ද හැකිවේවායි ප්‍රර්ථනා කරමු.නීතියේ ආදිපත්තයට බලපෑම් කළහැකි විධායක බලතලද ඉවත්වී තම පැත්තේ වුවද නීතිය වනසන දේශපාලකයන් හෝ කුමන පුද්ගලයන් වෙත්නම්,ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක කිරීමට ජනතාවට සිත්වෙවා ! යි ප්‍රාර්ථනා කරමු.

:       0       111

latha Thursday, 23 August 2018 01:56 AM

මෝඩ හරක් තාම කියන්නේ මහා රජා හොරෙක් නොවේ කියලා . මුන්නේ ලංකාවේ ඉන්නේ .

:       0       4

appuhami Thursday, 23 August 2018 02:19 AM

ගුණසේකර ගේ කතාවෙන් පේනවා වහල්ලු ටිකක් බය වෙලා කියලා

:       0       13

SAMEERA Thursday, 23 August 2018 03:52 AM

වඩා හොද නැද්ද අවවාදයට වැඩිය ආදර්ශයෙන් පෙන්නලා රනිල් , ඇලෝ ,මහේන්ද්‍රන් මුලටම නග්ගුවනම්..බෑනේ බෑනේ වැඩ බැරි ටාර්සන් ලා.........

:       0       70

sasith Thursday, 23 August 2018 05:08 AM

සත්‍යපාල හරියටම හරි.

:       0       0

MUDALIGE Thursday, 23 August 2018 05:25 AM

එවා ෙහාදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 683 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2038 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 800 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 375 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 136 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 438 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1345 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 345 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site