(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ ,වඩුගොඩ ශ්‍රී සුදර්ශණාරාම විහාරස්ථානයේ කඨින පිංකම් පෙරහැරේ අද (23) අලුයම ගිනිබෝල කැරකැවීමට ගිය තරුණයකු විදුලි සැර වැදීමකින් මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ බව දොඩංගොඩ පොලිසිය පවසයි
අනතුරෙන් මියගොස් ඇත්තේ දොඩංගොඩ , හර්මන්වත්ත , 1 අධියර ප්‍රදේශයේ පදිංචිව සිටී ගිහාන් කවිදු වික්‍රමරත්න නැමැති 17 හැවිරිදි තරුණයකු බව සදහන් වේ.
මියගොස් ඇති තරුණයා කඨින පෙරහැරේ ගිනිබෝල කරකවමින් සිට ඇත. පසුව ගිනිබෝල සවිකර ඇති ආධාරක යකඩ පට්ටම බිම වැටී ඇති අතර, එය විදුලිය කාන්දුවන වයරයක ගැටී ඇති බවත්, තරුණයා නැවත එය ගැනීමට යාමේදී විදුලි සැර වැදී ඇති බවත් මෙතෙක් කල පරීක්ෂණ පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලිසිය කීය.
මියගොස් ඇති තරුණයා බේරාගැනීමට යාමේදී අනෙක් තරුණයන් දෙදෙනා ද තුවාල ලබා ඇතැයි පොලිසිය කීය.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1479
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි බෝල කරකවද්දී විදුලි සැරවැදී තරුණයා මරුට
fairoos Sunday, 23 October 2022 05:42 PM
අනේ පවු.. මේ වගේ පොඩි ළමයි මේවට යොදාගන්න පුළුවන්ද?