ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව 8 වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘ගනර්ස් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අගෝස්තු මස 04 වැනිදා උදෑසන 9.00 සිට මින්නේරියේ, කාලතුවක්කු හමුදා පරිශ‍්‍රය තුල පිහිටි මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
තිස් වසරකට ආසන්න යුද්ධයේදී මියගිය සහ විවිධ ආබාධයන්ට ගොදුරුවූ කාලතුවක්කු රෙජිමේන්තුවේ රණවිරුවන්ගේ සුබ සාධන කටයුතු සඳහා මුදල් රැස්කිරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණයි.
දක්ෂතම මෝටර් රථ රියදුරා සහ දක්ෂතම යතුරුපැදි ධාවකයා තෝරා ගැනීම සඳහා වන තරගද ඇතුළත්ව තරග ඉසව් 21 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරුපැදි තරග 10 සහ මෝටර් රථ තරග 11 ඇතුළත්වේ.
දිවයිනේ සිටින ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන් ඇතුළු තරගකරුවන් 150 කට අධික ප‍්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා මේ වන විටත් තම සහභාගීත්වය තහවුරු කර තිබෙන අතර ටී. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරුපැදි ධාවකයන් දෙදෙනකුද තරගාවලියට සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය විසින් මෙතෙක් පවත්වනු ලැබූ තරගාවලි 3 අවසානයේ යතුරුපැදි අංශයෙන් ගයාන් සඳරුවන්ද (ලකුණු 52), මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 50) ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙති.
සිංගර් ආයතනය සහ සියැට් ආයතනය තරගාවලියේ සම අනුග‍්‍රහකයන් ලෙස කටයුතු කරන අතර එලිෆන්ට් හවුස් ආයතනය තරගාවලියේ ආහාර පාන සැපයුම්කරුවා ලෙස කටයුතු කරයි.
(ඡයාරූප - ශානුක අරවින්ද)
සිංගර් සමාගම නියෝජනය කරමින් එහි අළෙවි හා නිෂ්පාදන කළමාණාකාර අධ්‍යක්ෂක කුමාර් සමරසිංහ මහතා, විසින් මේජර් ජෙනරාල් ජේ. සී. රඹුක්පොත මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව
සියැට් ආයතනය නියෝජනය කරමින් රවී ඩඞ්ලානි මහතා විසින් මේජර් ජෙනරාල් ජේ. සී. රඹුක්පොත මහතාට අනුග‍්‍රහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ගනර්ස් සුපර්ක්‍රොස්’ අගෝස්තු 4 දා මින්නේරියේදී