( එච්.චන්දන )
පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
අද (31) දා දහවල් 10.00 පමණ මෙම ගින්න ඇවිලි ඇති අතර මෙම ගබඩාවේ තෙල් හා තවත් දැ ගඩබඩා කර ඇති අතර ගින්නෙන් එහි තිබූ සියල්ල ගිනි ගෙන විනාශ වී ඇත.
නගර සභා සේවකයින් , පුත්තලම පොලිසයේ නිළධාරින් , පුත්තලම තම්භපණ්නී නාවික හමුදා ගිනි නිවන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුධ හමුදාව එක්ව ගින් නිවා දැමීමට කටයුතු කර තිබිණි.
පුත්තලම නගර සභාවේ මාසික රැස්වීමද අද දින පැවති අතර සභා රැස්වීමට පැමිණ සිටි නාගරික මන්ත්‍රීවරැන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණි ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්නේය.
මේ පිළිබදව පිළිබදව පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ මෙම ගබඩාව විදුලි කාන්දුවකින් ගිනි ගන්නට ඇතැයි සැක කරන අතර ඇතිවී ඇති විනාශය තවමත් කිව නොහැකි බවයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගින්නකින් පුත්තලම නගර සභා ගබඩාව මුළුමනින්ම විනාශයි
sam Monday, 31 December 2018 08:15 AM
ඉන්වෙන්ට්‍රියේ බඩු අඩු නිසා ගිනිගත්තා කිව්වානම් වඩා නිවැරදියි.
ආර්. මොනරතැන්න Monday, 31 December 2018 08:49 AM
විශාල අලාභ හානියක් වෙලා. දුකයි
චමින්ද Monday, 31 December 2018 01:20 PM
ඇත්තටම කාන්දුවුනේ තෙල්ද? එක්දහස් නවසිය අසූ ගණන් කාලයේ එක් පළාත් පාලන ආයතනයක ලිපිකරු මහතෙකුට විනය නියෝගයක් මත දඬුවම් කරලා පුද්ගලික ලිපිගොනුවටත් ලිපියක් දැම්මා කලබල කාලයේ මේ කාර්යාලය ගිනිගත්තා මොහුගේ ලිපි ගොනුවත් ගිනි ගත්තා. පසුව මොහු පරිපාලන විභාගයෙනුත් සමත් වී ඉහළ තනතුරක් දරලා විශ්‍රාම ගත්තා. පළාත්පාලන ආයතනවල එවැනිදේ වෙනවා..