ව්‍යාපාරිකයකුගේ නාසය සපා කෑවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද දැඩි කොන්දේසි මත ඇපමත මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නියෝග කෙළේය. රුපියල් තිස් දහක මුදල් ඇපයක් සමග රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත් මසකට වරක් පොලිසිය පෙනී සිටින ලෙසත් ග්‍රාම සේවා සහතිකය පොලිසියට ඉදිරිපත් කරන ලෙසත් ඔහුට නියෝග කෙළේය. සපා කෑමට ලක්වූ ව්‍යාපාරිකයාගේ තත්ත්වය බරපත්ල යැයි ද කොළඹ නවලෝකරෝහලේ දි සැක්කමක් කිරීමට නියමිත යැයි ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිට නීතිඥයෝ කීහ. ගන්කන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තුවාල එතරම් බරපතල නොවන බවයි. නඩු විභාගය අගෝස්තු 23 වැනි දාට කල් තැබිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගන්කන්දට ඇප ලැබේ
සමන් Tuesday, 29 May 2012 03:18 AM
ඉස්සෙල්ලා පක්ෂේ කාලා දැන් නහය හපා කාලා
පොතේ ගුරා Tuesday, 29 May 2012 08:14 AM
මිනිසෙකුගේ ශාරිරික අවයවයක වටිනාකමවත් දන්නේ නැතුව රට රකින්න පාර්ලිමේන්තුවට ගිහින්
රජිත් මංජුල, Monday, 28 May 2012 02:42 PM
අම්මේ අපි මේ වගේ අය ඉන්න රටකනේ ඉපදුනේ....
කිවි Tuesday, 29 May 2012 08:51 AM
ළමයි, සුදර්මන් කාගේ නහයද කෑවේ?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 02:50 PM
නහය කාපු හේතුව උසාවියට කීවේ නැතුව ඇති මගේ හිතේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 03:18 PM
බලාගෙන අනිත් අය මෙයාගේ කට ලගට ඔය අයගේ වැදගත් අවයව ලං කරන්න හෙම එපා. කඩා ගත්තොත් කාට කියන්නද දෙයියනේ. මොකද අත් නම් දෙකක් තියෙනවා.එත් අර අවයව එකයිනේ තියෙන්නේ..එකත් හපා කෑවොත් ඉතින් .......
නීතා ගලබඩ....ඉතාලියේසිට... Monday, 28 May 2012 03:23 PM
නීතිඤ්ඤයන් ගේ තර්ක මගින් තුවාලයක් බරපතලද,නැද්ද කියා තීරණයකරන්න පුලුවන් රටක් අපේ රට.මෙහෙම නහය කන අයනෙ ඉදිරියෙදි රට පාලන බලය ඉල්ලන්නෙ.අනේ ශ්‍රී ලංකා.
අලිබබා Monday, 28 May 2012 03:25 PM
සපාකන්නන්ගේ සංගමයේ සභාපති හෙවත් පැනපැන කන්නන්ගරලාගේ දුනේෂ් කන්කන්ද දැඩි කොන්දේසි මත නිදහස් වේවා!
රජිත් මංජුල, Monday, 28 May 2012 03:33 PM
හොඳ නැද්ද ජොබ් දෙක මාරුකර ගත්තානම් ....
අමිල කටුනායක Monday, 28 May 2012 03:53 PM
උසාවියෙන් මෙයාටත් පොඩි නාස් ලන්නක් දාල....
කතරගම සංජීව Monday, 28 May 2012 03:56 PM
මයික් ටයිසන්ලා යක්කුද මෙන්න යක්කු.
ටී,කේ Monday, 28 May 2012 04:25 PM
මන් හිතන්නෙ රස බලන්න වෙන්න ඇති හපන්න ඇත්තේ...
චමී Monday, 28 May 2012 06:42 PM
අර මාතර පැත්තේ ඉන්න කෙනාගේ නෑයෙක්ද දන්නෑ....
දයා සෞදි Tuesday, 29 May 2012 11:48 AM
මෙයාලව ආයෙත් පාර්ලිමේන්තුවට ගන්නවද ?
විජය Monday, 28 May 2012 07:14 PM
මේ දවස් වල රත්නපුර පැත්තේ මන්ත්‍රීලා හරියට නම යන වැඩ කරනවා
සකල බුජන් Monday, 28 May 2012 07:19 PM
ගෙදර ලුණු ඇඹුල් තියෙන්න නැතුව ඇති මයෙ හිතේ
තිලක් Monday, 28 May 2012 07:33 PM
රට කන අයට නහයත් කජ්ජක්ද?
ලක්මාල් Monday, 28 May 2012 08:22 PM
ඇයි මේ නීතිය සුදර්මන්ට නැත්තේ?