IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. ක‍්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් කියවුණේ ඊයේ (29) සිට බල පැවැත්වෙන පරිදි ඔහු ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් ඉවත් කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා තීරණය කර තිබූ බවයි. ඒ වෙනුවට මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානි ධුරයට පත් කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව දැන ගන්නට ඇත. වසර ගණනාවක් පුරා එම තනතුර හෙබවූ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඉවත් කිරීමට කී‍්‍රඩා ඇමැතිවරයා තීරණය කළේ ඔහුට එල්ලවී තිබෙන බව කියන චෝදනා කීපයක් නිසා බවද දැන ගන්නට ඇත. ජාතික ක‍්‍රීඩා විද්‍යාතනයේ සේවය පිළිබඳ නොසතුටට පත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් ද ඔහු ඉවත් කරන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බවද මේ අතර දැන ගන්නට ඇත. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු ලංකාදීපයට පැවසුවේ මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දිගින් දිගටම තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ඇතුළු කරුණු  කිහිපයක් සම්බන්ධයෙන් ඔහුගේ සේවය පිළිබඳ පසුගිය කාලයේදී ක‍්‍රීඩා ඇමැතිවරයා  නොසතුටට පත්ව සිටි බවයි. විශේෂඥ වෛද්‍ය මෙන්ඩිස් මහතා ජාතික තහනම් උත්තේජක ආයතනයේත් ගිනස් ලෝක වාර්තා ශ්‍රී ලංකා අධීක්ෂණ කමිටුවේත් දැනට සභාපති ධුර දරයි. ක‍්‍රීඩා  අමාත්‍යාංශයේ රාජකාරී කටයුතුවලින් ඉවත් කෙරෙන මෙන්ඩිස් මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට  අනුයුක්ත කරනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ. ගීතාංජන මෙන්ඩිස්



අදහස් (0)

ගීතාංජන මෙන්ඩිස් කී‍්‍රඩා වෛද්‍ය ආයතනයෙන් ඉවතට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site