(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිත වීරරත්න)
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක අත්තිකාරම් ගිණුම් සීමා සංශෝධනය සඳහා ඉදිරිපත් කෙරෙන යෝජනා සම්මතයන් දහයක් සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එම කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය මෙම අත්තිකාරම් ගිණුම් සඳහා 2024 වර්ෂයට අදාළව සීමාවන්ද නියම කර ඇත. අදාළ වර්ෂයේදී උද්ගතවන අවශ්‍යතා අනුව විසර්ජන පනත යටතේ ලබා දී ඇති අත්තිකාරම් ගිණුම් සීමාවන් නියෝගයක් මගින් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යවරයාට බලය පැවරී තිබෙන බව සංශෝධනයට අදාළව කරුණු දක්වමින් නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
එමෙන්ම මෙම සංශෝධන සීමාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමතිය ලබාගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිණුම් සංශෝධන යෝජනා 10 කට මුදල් සභාවේ අනුමැතිය