IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගඩොල් කපන්නාගේ ළය විරේකයෙන් තාත්තයි දුවයි මරුට

ආණමඩුව කොට්ටුකච්චියේ නිවසක මාස කිහිපයක් රැඳී සිටි යකැදුරකුගෙන් ළය විරේකයක් කර ගත් දියණිය සහ පියා මරණයට පත්ව ඇති බව පුත්තලම සහ හලාවත රෝහල්වලදී සිදුවූ හදිසි මරණ පරික්ෂණ වලදී අණාවරණය වී තිබේ.

මල්නයිදෙගේ තුෂාරි සංජීවා ප්‍රනාන්දු (39) තිදරු මවක් හා ලයනල් ප්‍රනාන්දු (60) ඔවුහුය.

බන්ධන හා කොඩිවින ඉවත් කිරීමට යැයි පවසමින් තැඹිලි ගෙඩි හත බැගින් ගෙන විවිධ ඖෂධ හා පිටි කිරි දමා බීමට දී ඇති බවත්, එය පානය කිරීමෙන් පසු මොවුන් දැඩි ලෙස රෝගාතුරවී රෝහලට ඇතුළත් කර ඇති බවත් කියති.

දියණිය 18 වැනිදාත් පියා 22 වැනිදාත් මරුමුවට පත්වූහ.

‘අදාල ළය විරේකය සිදු කල යකැදුරාට ළය විරේකය කිරීම සදහා ආයුර්වේද සභාවේ හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ආයතනයක සහතිකයක් නැහැ. යකැදුරා මීට පෙර ගඩොල් කපන්නෙක්‘ බව කියති.

සිරුරු කොටස් රස පරීක්ෂක වෙත යැවීමට නියෝග කළ හදිසි මරණ පරීක්ෂක නන්දන විමලවීර මහතා තීන්දුව කල් තැබීය.

yaka2015823_03 Yakadura2015823_1 yakaduru2015823_02



අදහස් (0)

ගඩොල් කපන්නාගේ ළය විරේකයෙන් තාත්තයි දුවයි මරුට

ධම්ම Sunday, 23 August 2015 11:32 AM

මේ රූපවල ඉන්න කට්ටිය නම් හොඳ වැඩකාරයෝ. (නදී)

:       0       0

මහේෂ් Sunday, 23 August 2015 11:41 AM

මේ වගේ මිත්‍යදුෂ්ටිකයෝ. මැරිච්ච අයට අපහාස කරන එක නරකයි තමා. ඒත් මේ 21 වන සියවසේදීත් මේ වගේ හරක් නම් මැරිලා හරි ඒ වල්ලේම ඉන්න අනිත් අයට හරි පාඩමක් කියල දීල මැරිලා යන එක තමා හොඳ. නමුත් ප්‍රශ්නය අනිත් හරක් මේක පාඩමක් හැටියට ගනීවිද කියන එකයි. හොර කපුවෝ දුටු තැන උන්ට මතක හිටින්න නෙලන්න ඕනේ. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 23 August 2015 12:03 PM

ඒ ලය විරෙකයම යකඳුරාටත් පොවන්න. (නදී)

:       0       0

සුකිරි Sunday, 23 August 2015 12:19 PM

කියන්න හොඳ නැති උනත් මන් නම් කියන්නේ මේ වගේ මෝඩ වැඩ කරනවට ඔහොම වෙන්න ඕනේ (නදී)

:       0       0

පියල් වීරසිංහ Sunday, 23 August 2015 12:22 PM

තවමත් අපේ රටේ අඳ බාලයෝ ඉන්න එකනේ වැඩේ. මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුනු ලෝකේ (නදී)

:       0       0

ආරියසේන Monday, 24 August 2015 05:05 AM

මේ වගේ මිත්‍යා දෘෂ්ඨික දේවල් රට හැම තැනම තියනවා. අපේ පැත්තේ මිනිස්සු දහස් ගනන් දන්කොටුව පැත්තේ ලෙඩ සුව කරනවා කියන තැනකට යනවා ඇත්තටම අපේ මිනිස්සු දහසකුත් ප්‍රශ්න මත ජීවත් වෙනකොට අසනීපයක් හැදුනම යන්නේ රෝහලට නෙවෙයි මිත්‍යා දෘෂ්ඨිකයන් ලගට. ඒ යන අය තෙල් ගාල එවනවා හැබැයි සමහරු හැමදාම අර ඉංර්‍ගිසි බෙහෙත් ටික බොනවා බොන ගමන් බොරුවට ප්‍රචාරය කරනවා අර තෙල් වලට තමයි ඇරුනේ කියලා. තවත් සමහරු මේක බිස්නස් එකක් කරගෙනත් ඉන්නවා. වාහනය සෙට්කරල රු 4000./5000ක් සතියකට හොයා ගන්නවා. ඇත්තටම ඇයි මිනිස්සු මේ තරම් මෝඩ. අපේ පැත්තේ ගිය අය දැන් අර හිටිය වගේමයි. (නදී)

:       0       0

සඳුන් Monday, 24 August 2015 11:42 AM

කුමාර, ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න.(හේ)

:       0       0

මොහොමඩ් Monday, 24 August 2015 06:57 AM

මේ නුගත් මිනිස්සු අහිංසක මිනිස්සුන්ව රවටා ජීවත් වෙනවා. සියලුම යකැදුරන් අල්ලා සෞදිය දෙන දඩුවම දිය යුතුයි(නදී)

:       0       0

කුමාර Sunday, 23 August 2015 03:08 PM

දන්නෙ නෑති නිසා අහන්නෙ. ලය විරේකයක් කියන්නෙ මොකක්ද?(නදී)

:       0       0

දුමින්ද Monday, 24 August 2015 07:01 AM

මිත්‍යාවේ ආදීනව (නදී)

:       0       0

සත්‍යා Sunday, 23 August 2015 03:43 PM

යැකදුරු වෘත්තියක් ලෙස කරන අය ලියා පදංචිකිරීමක් කල යුතුය. මන්ද මොවුන් මේ වගේ ප්‍රතිකාර ක්‍රමත් කරන නිසා. ලියා පංදිංචි කිරීමේදි එම වෘත්තිය පිළිබද දැනුම පරික්ෂාවක් මෙන්ම ප්‍රතිකාර සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ආදිය ලබා ගැනිමට කටයුතු කල යුතුයි. එසේ ක්‍රම වේදයක් ඇති කල නොහැකිනම් මෙම මිත්‍යා දුෂ්ටි ක්‍රියාවන් සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි.(නදී)

:       0       0

මඩුල්ල ග්‍රාවියල් Sunday, 23 August 2015 04:01 PM

මේ හොර කපුවෝ ඔක්කොම එල්ලලා මරන්න ඕනේ (නදී)

:       0       0

රන් Sunday, 23 August 2015 06:52 PM

සමහරු මේකප් වලින් මැරෙනකොට තවත් සමහරු බෙහෙත් වලින් මැරෙනවා (නදී)

:       0       0

ෆර්සාන් සමන් Sunday, 23 August 2015 09:19 PM

ලෙඩා මලත් බඩ සුද්දයි (නදී)

:       0       0

සුනිල් Monday, 24 August 2015 12:59 AM

කොලොම්බියා හරි පිටරට ඉන්න අය හරි හිතන්නේ ලංකාවේ හැමතැනම ඒ වගේ කියලා. තවම ලංකාවේ කටුමැටි ගෙවල්වල ඉන්න ගම්මානවල දුප්පත් මිනිස්සු ඉන්නවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site