ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපි ඉතාලි අග‍්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කොනිට එවූ අවසන් ලිපියක් පැරිස් පුවත්පතක පළවිය. ගඩාපි විසින් බෙරලූක්ස්කෝනි වෙත අරාබි බසින් එවූ ලිපියේ කොටසක් ද පළකොට තිබිණි. ගඩාපි තම හොඳම මිතුරකු වූ ඉතාලි අගමැතිට එවු ලිපිය අරඹා ඇත්තේ ‘හිතවත් සිල්වියෝ‘ යනුවෙන් අමතමිනි. ‘‘මම මේ ලිපිය එවන්නේ මෙවැනි අසීරු අවස්ථාවක මාගේ සහෝදර ජනතාවගේ උදව්වට පැමිණි ඔබේ රටවැසියන් පිරිසක් අතය. අප දෙරට අතර තිබූ දැඩි මිත‍්‍රත්වය මත ඔබගෙන් මෙවැනි හැසීරිමක් මා කිසි විටෙක බලාපොරොත්තු නොවුයෙමි. හුදෙක් මා විශ්වාස කෙළේ මෙම බිහිසුණු යුද්ධයේ දී මාගේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයට සහයෝගය දීමට මත්තෙන් ඔබ මා සමග කතා බස්කොට යම් එකඟතාවයකට එනු ඇති බවයි. ඔබට වගකිව නොහැකි දේ සඳහා මම ඔබට දොස් නොකියමි. එහෙත් ඔබත් ඔබේ රටවැසියාත් අප‍්‍රසාදයට පත්වන කිසිදු දෙයකට ඔබ මැදිහත් නොවනු ඇතැයි මම විශ්වාස කෙළෙමි. මමත් මගේ ජනතාවත් මෙම කළු පැල්ලම අමතක කොට ඔබත් ඔබේ රටවැසියනුත් සමග පෙර සම්බන්ධතාවය යළි තහවුරු කර ගැනීමට කැමැතියි. එහෙත් ඊට ප‍්‍රථම ඔබ මැදිහත් වී මාගේ සහෝදර ජනතාවත්, නොදරුවනුත් නිකරුණේ මරා දමන ගුවන් ප‍්‍රහාර නවතා දැමිය යුතුය. එසේම යුද්ධයට සම්බන්ධ අනෙකුත් රටවල් සමග සාකච්ඡ කොට මාගේ ජනතාවට නිදහස් තීරණ ගැනීමේ අවස්ථාව සලසා දීය යුතුය. දෙවියන් විසින් ඔබ සියලූ දෙනාට නිවැරැදි මග පෙන්වා මෙම මිනිස් ඝාතන නවතා දමතියි මම බලාපොරොත්තු වෙමි.


2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගඩාපි මැරෙන්න පෙර ඉතාලි මිතුරාට ලියයි
රත්නායක Thursday, 03 November 2011 11:30 AM
සුද්දෝ ඔක්කෝම එකයි....
චින්තක Thursday, 03 November 2011 12:11 PM
ඔන්න පෙන්ව නේද ඕකනේ මම ඔය පර සුද්දෝ අතේ දුරින් තියාගෙන ඉන්නේ - රජතුමා
නිරෝෂ Thursday, 03 November 2011 12:42 PM
භෞතික සම්පත්වලට කෑදර වූ කළ මිතුරුකම් අමතක වෙනවා.
කිත්සිරි Tuesday, 01 November 2011 08:31 PM
එකට කෑවත් බොක්ක වෙනයි.
AUJ Wednesday, 02 November 2011 11:15 AM
මිතුරන් කවුදැයි දැන ගැනීම වැදගත්
චින්තක මැණික්කුඹුර Wednesday, 02 November 2011 11:26 AM
ගඩාපි කවුදැයි ඉතාලි අගමැති අහනවා
දම්මි Thursday, 03 November 2011 08:46 AM
දෙවියන් විසින් ඔබ සියලූ දෙනාට නිවැරැදි මග පෙන්වා මෙම මිනිස් ඝාතන නවතා දමතියි මම බලාපොරොත්තු වෙමි.