IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්නන්න සැරැසෙයි

(අංජුල මහික වීරරත්න)

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා  වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අදාල  වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීය.

ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයන කිරීම මගින් සංවර්ධන කර්මාන්ත  කරුවන්ට සාධාරණ මිලකට ඒවා ලබාදීමට හැකි අතරම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවට අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.

සහාධිපත්‍ය දේපළකරුවන්ගේ සංගමය සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ඇමරිකා ඩොලරය සියයට 75න් පමණ අවප්‍රමාණය වී තිබියදීත් යකඩ, සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.



අදහස් (3)

ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්නන්න සැරැසෙයි

prasanna Wednesday, 31 May 2023 12:48 PM

ගිනි තියපු ඇමති ගෙවල් ටික හදා ගනිවි???

:       5       3

Nimal Wednesday, 31 May 2023 04:21 PM

කාටකාටත් කොමිස් ගහගන්න මාර්ග පාදාගන්න තමයි ඉතින් ඕවා...!

:       1       0

පිනා Thursday, 01 June 2023 07:12 AM

ඔය සංස්ථාව විකුණන ලිස්ට් එකේ නේද තියෙන්නේ . ඇයි ඉතින් රජය ව්‍යපාර වල යෙදෙන්නේ? එහෙම කරන්නෙ නෑ කියලනේ කීවෙ. කොන්ෆියුස් වෙනවා මෙව දැක්කම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site