IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෝඨා බේරාගන්න බොරු කියයි : විශ්‍රාමික මේජර් ජනරාල්ට නඩු

බරපතල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්කි දුන් බව කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය අද කොළම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ආරපක්ෂ මහතාට ඇති අසීමිත ගෞරවය නිසා ඇත්ත නොකී බව ඔහු කොමිසමේ දී පිළිගත්තේය.



අදහස් (0)

ගෝඨා බේරාගන්න බොරු කියයි : විශ්‍රාමික මේජර් ජනරාල්ට නඩු

තිලක් Monday, 14 December 2015 04:55 PM

රටට නිදහස ලබාදුන් අයට කරන කෙනෙහිලිකම් වලට කෙදිනක හෝ දඬුවම් ලැබෙනවා ස්ථිරමයි. අපේ ජීවිතය පුරාවට අපි ලැබූ අත්දැකීම එයයි. අපි ඉදිරියේ වෙන දෙය හොඳට දන්නවා (නි)

:       0       0

විද්‍යා Monday, 14 December 2015 05:16 PM

රොබර්ට් නොක්ස් ලංකාව ගැන ලියු පොතේ කියලා තිබෙනවා ලංකාවේ මිනිස්සු බොරු කියන්න දක්ෂයි කියලා. මෙහෙම කියලා තියෙන්නේ 1681වර්ෂයේදී. අපි ඔක්කොම එම පරම්පරාවේ අයනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 14 December 2015 07:19 PM

හොර මැරකම් වලට තරාතිරම නොබලාම දඬුවම් කරනු! (නි)

:       0       0

ආරියපාල හේවගේ Monday, 14 December 2015 07:51 PM

රට කාගෙවත් බුදලයක් නොවේ. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක කිරීම දියුණු රටක ලක්ෂණයකි. නමුත් අපේ රටේ එහෙම නැහැ. ඒ අපේ රට නොදියුණු රටක් නිසාය. (නි)

:       0       0

රත්නායක Monday, 14 December 2015 08:00 PM

දේවේන්ද්‍ර තවම ලෙඩේ සනීප කරගෙන නැහැ වගේ. (නි)

:       0       0

දේවේන්ද්‍ර Monday, 14 December 2015 11:34 AM

ගොඨාට අත නොතබනු (අ)

:       0       0

රොහාන් Monday, 14 December 2015 11:32 AM

අනුන්ට ගෞරවය කිරීම හොඳ දෙයක් නමුත් නිතිය සමග සෙල්ලේම හොද නැහැ. (අ)

:       0       0

අමල් Monday, 14 December 2015 11:50 AM

අනේ මන්දා මේ ප්‍රශ්නේනම්... (ර)

:       0       0

ගිහාන් Monday, 14 December 2015 10:19 PM

උපදින්න ඉන්න, මියගිය සහ ඡායාරූපයක සිටින දේශපාලකයෙකු පමණයි මම විශ්වාස කරන්නේ. (නි)

:       0       0

සුරංග Monday, 14 December 2015 12:00 PM

අපි බලා ඉමු මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

විමල් Monday, 14 December 2015 12:05 PM

සිහිය උපදවාගෙන දැන්වත් යහපතට වැඩ කරව්. (ර)

:       0       0

රොක්සි Tuesday, 15 December 2015 01:15 AM

දේවේන්ද්‍ර, මොන අපරාධ කළත් ඔහුට අත තබන්න එපා කියලද කියන්නේ? (නි)

:       0       0

හෙසාන් Tuesday, 15 December 2015 02:18 AM

මේක මානුෂිකව බලන්න ඕනෑ ප්‍රශ්නයක් (නි)

:       0       0

සත්‍යයා Monday, 14 December 2015 01:31 PM

බොරු කියන්න පුළුවන් අය තමයි මේ ගොල්ලෝ ලොකු තනතුරු වලට පත් කරගත්තේ. මොකද බොරු කියන්න පුලුවන්නම් ඕනෙම ජඩ වැඩක් කරන්නත් මිනිහෙකුට පුළුවන් හින්ද. (බ)

:       0       0

නුවන් Tuesday, 15 December 2015 02:35 AM

දැන් ඇත්ත දන්නවා නම් ඇයි ගෝඨාභය අත්අඩංගුවට නොගන්නේ? (නි)

:       0       0

චන්දි Tuesday, 15 December 2015 02:44 AM

ඇතැම් අය දාන අදහස් දැක්කහම ඇත්තටම මිනිස්සු කත් අදින්නේ අවංකවමද, නැත්නම් වාසියටද කියලා හිතෙනවා (නි)

:       0       0

උපාලි Monday, 14 December 2015 01:39 PM

දේවේන්ද්‍ර,නඩු අහලා වැරදි කරලා නම් ඇතුළට දානවා. එච්චරයි (නි)

:       0       0

ජනක Tuesday, 15 December 2015 03:03 AM

හොරකම කොහොම කළත් හොරකමමයි. ඒකට තරාතිරම බලන්න ඕනෑ නැහැ. ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම් හැටියට සහ නාගරික සංවර්ධන ලේකම් හැටියට වැඩක් කළා තමයි. ඒත් එයා ඒවා පිනට කළේ නැහැ නේද? ඒවාට වැටුපක් සහ වරප්‍රසාද රජයෙන් දුන්නා නේද? අනික බලෙන් බර පැටවූයේත් නැහැ නේද? ඉතින් එයාට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන අයත් මේවා හිතාබලා කතාකරන්න. (නි)

:       0       0

රංජිත් Monday, 14 December 2015 02:18 PM

රජයේ සේවකයෝ කොන්ද කෙලින් තියන් දැන්වත් වැඩ කරන්න වෙනවා දේශපාලුවන්ට කඩේ ගිහින් අමාරුවේ වැටුනහම කවුරුත් නැත (බ)

:       0       0

ගොඩගේ Monday, 14 December 2015 02:44 PM

අනේ මන්දා! එනවා එනවා කියලා හැමෝම කෑගහනවා. ආව කොටියෙකුත් නැහැ, දැකපු පුල්ලියකුත් නැහැ. (නි)

:       0       0

සිසිර Monday, 14 December 2015 03:15 PM

වැරදිකරුවන් බේරාගැනීමට තැත්කිරීම ලොකු වරදක් (නි)

:       0       0

හේමන්ති Monday, 14 December 2015 03:30 PM

අනේ මන්දා අපි කාගේ පැත්ත ගන්නද කියලා (නි)

:       0       0

යසපාල Monday, 14 December 2015 03:41 PM

ඇත්තෙන්ම අසීමිත ගෞරවය නිසාද? (නි)

:       0       0

සංජිකා විමලසුරිය Monday, 14 December 2015 04:08 PM

කවුරු වුණත් වැරැද්දක් කර තිබෙනවා නම් දඬුවම් විඳිය යුතුයි. රජයේ මුදල් හෝ රජයට හිමිවිය යුතු මුදල පුද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීමටද දේශපාලකයින් බලයට ගෙනෙන්න මහජනතාව උත්සාහ කරන්නේ? තීරණය ඔබ අතේ! (නි)

:       0       0

ජෝන් Tuesday, 15 December 2015 04:30 AM

කසල සෝදන්නාගේ පටන් රජයේ උසස්ම නිලධාරියා දක්වා කරන රාජකාරිය එක වගේම වටිනවා. එයාලගේ රාජකාරිය හරියට කරන්න තමයි වේතනයක් ගෙවන්නේ. එයාල හොරකම් කරනවානම් එකටත් දඬුවම් උරුම වියයුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site