IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි


 
 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින් නොතිසි නිකුත් කරන ලදී.


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව කොමිසම මෙලෙස නොතිසි නිකුත් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ටය.


ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමේදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එම ආයතනවල අධ්‍යක්‍ෂවරු සහ වගකිවයුතු නිලධාරීන් ලෙස කටයුතු කළ මෙම නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස ඔවුන්ට නොතිසි නිකුත් කර ඇත.


ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන 29 වැනිදාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ මහතාට සහ එහි හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ලබන 23 වැනි දාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටුවා ඇති මෙම කොමිසමේ විමර්ශන නිලධාරීන්  හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
 



අදහස් (3)

ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි

sirimal Tuesday, 21 August 2018 07:58 PM

ඔය ලයිස්තුවේ ඉන්න එක්කෙනෙකුගේ සහෝදරයෙක් තවමත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල වගකීම් රැසක් බාර ඉහලම තනතුරක් දරන බව දන්නවාද?

:       118       89

Mahee Tuesday, 21 August 2018 10:54 PM

විදේශීය විනිසුරන් ඕනැ වෙයි නේද?

:       105       410

rohana Wednesday, 22 August 2018 02:49 PM

මහී මෝඩ කතා කියන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 217 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site