IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභාග වන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති විශේෂ අභියාචනා පෙත්සමේ වග උත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි බාරදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ ලලිත් සහ කූගන් මහත්වරුන්ගේ දෙමාපියන් ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ගාමිනි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම් නවාස් මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

වගඋත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවූයෙන් ඔහුට යළි නොතීසි බාරදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයට අධිකරණයෙන් නියෝග කෙරින.

විශේෂ අභියාචනා පෙත්සමේ මෙසේද සඳහන් වේ.

2011 වසරේ සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබිනි.එම නඩුවේ සාක්කිකරුවෙකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබ සිටියේය. ඊට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර ඒ අවස්ථාවේදී එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ජනාධිපති ධුරයේ කටයුතු කළ බැවින් සාක්ෂියට කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබිනි.

එම තීන්දුවෙන් අගතියට පත් ලලිත් සහ කූගන් දෙපළගේ දෙමව්පියන් ඊට එරෙහිව මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරින .අදාළ තීන්දුව බල රහිත කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්කියට කැඳවීමට නියෝග කරන ලෙස මෙම විශේෂ අභියාචනා පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.



අදහස් (1)

ගෝඨාභයට යළි නොතීසි දෙන්නැයි නියෝග

Perera Thursday, 20 October 2022 06:03 AM

සාක්කි කාරයෙක් විදිහට පටන්ගෙන ඊටපස්සේ විත්ති කාරයෙක් විදිහටත් එන දවසක් ඒවිද මන්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site