රක්නා ලංකා ආරක්ෂක සමාගම් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (3) බරපතල දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
තමාට විරුද්ධව ඇති පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට බලයක් නැතැයි ඔහු මූලික විරෝධය දැක්වීය.
පිටු 22ක තීන්දුවකින් කොමිසම ඔහුගේ මූලික විරෝධතාවය ඉවත දැමීය.
දැන් නඩුව විභාග වේ.
නාවික හමුදාවේ උසස් නිලධරයෝ තිදෙනෙක්ද ඔහු සමග කොමිසමට පැමිණ සිටිති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝඨාගේ මූලික විරෝධය ඉවතට
කමල් Thursday, 03 December 2015 07:25 AM
බලනකොට මේ ඔක්කොම ගැන අපි හිතාගෙන හිටිය විදිය වැරදියි වගේ (නි)
අමල් Thursday, 03 December 2015 11:56 AM
අනේ මන්දා මේක කවදා ඉවරයක් වෙයිද කියලා. (ර)
සල්ගාදු පැරිස් Thursday, 03 December 2015 12:16 PM
මෙම සංදර්ශන මේ අවුරුදු කාලයේ නිතර බලන්නට පුළුවන්. (ර)
උපාලි Thursday, 03 December 2015 08:24 AM
අපිට නම් දැන් මේවා එපාවෙලා (නි)
ඩෙස්මන් Thursday, 03 December 2015 08:32 AM
අනේ මන්දා! මේවා දකිනකොට අපිට හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ (නි)
ඉමල්ක Thursday, 03 December 2015 08:44 AM
කොටින්ට නිදහස වීරයෝ හිරේ (ම)
පිටිගල මිලානෝ Thursday, 03 December 2015 08:57 AM
මර බියෙන් වෙව්ලමින් සිටි ජාතියකට අභය දානය දුන් සෙන්පතියන් හට අත නොතබනු! රණ දෙරණ රැකගත් මහ සෙන්පති තම්බපන්නියම ඔබ හට ණය ගැතිය. "වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරු සෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"(ම)
සඳුන් Thursday, 03 December 2015 09:21 AM
මිලානෝ, ඔන්න අපිනම් ණය නෑ. මේ ගොල්ලන්ගේ පවුලට අපි ඒ කාලේ හොඳට හම්බ කරගන්න දුන්නා (බ)
සනත් ගුණවර්ධන ස්විස් Thursday, 03 December 2015 09:45 AM
පිටිගල මිලානෝ මහතා , මර බියෙන් සිටි රටකට ජාතියකට උර දුන්න , මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගෙන් යන්තම් ජීවිතය බේරාගත් සෙන්පති තුමාත් සිර ගෙට යැව්වා , දස වද දුන්න , මොහු වෙන රටක පැන ගොස් සිට අයියා රජ වුන නිසා ලක් බිමට ආවේ (බ)
දුමින්ද Thursday, 03 December 2015 09:50 AM
හිස් වුණ සිපිරි ගෙවල් යළි පුරවන විදියක් (බ)
මල්කා Thursday, 03 December 2015 10:51 AM
ලකාවේ ඉතිහාසේ එදා ඉදන් අද වෙනකන්ම වෙන්නේ එකම දේ මේක අපේ කරුමේ කව්රු හරි ජාතික වීරයෙක් සිංහල රට ජාතිය වෙනුවෙන් මොනම විදියකින් හරි පෙනී හිටියොත් ඔහුට වෙන්නේ තම ජීවිතයෙන් වන්දි ගෙවන්න (ම)