IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුටි කෙළිය රෝහලෙන් කෙළවර වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

මොරන්තුඩුව ප්‍රදේශයේ  විදුහලක 11 වසර සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විද්‍යාලයේම සිසුන් පිරිසෙන් තිදෙනෙක්  අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේම දහවන වසරේ සහ දොළොස් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි

පහර කෑ සිසුවා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණු  පාදයේ අස්ථියක් බිඳීම  හේතුවෙන්  ශල්‍යකර්මයට ලක්කර  ඇති බව පොලීසිය සඳහන් කරයි

පහර කෑ සිසුවා මීට පෙර තවත් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී මෙම පහරදීම වි ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පහර දුන් බව කියන තවත් සිසුන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර එම සිසුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියකු පැවැසී‍ය.

අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පොලිසිය ඇප මත මුදාහැර  අදාල පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය

අනතුරු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතුන්ගේ උපදෙස් මත මොරොන්තුඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් ද සිල්වා මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ

 

 



අදහස් (0)

ගුටි කෙළිය රෝහලෙන් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site