IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගැට කපන්නාගේ පිහි පහරින් තරුණයා රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස් රථවල ගැට කපන්නකුට එරෙහි වූ  පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකුට  එල්ල කළ උල් පීහි පහරක් වැදී බස් රථයේ ගමන් ගත් තරුණයකු  බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි .

පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට මගින් විසින් පහරදී පිහියත් සමග පොලිසියට බාර දී ඇත.

පිළියන්දල සිට කහපොල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයේ ගමන්ගත් ගැට කපන්නන් දෙදෙනකු කොටගෙදර මාළු බෝක්කුව ආසන්නයේදී මගීයකුගේ ගේ මුදල් පසුම්බිය සොරා ගැනීමට උත්සාහ කිරීමේදී එය දුටු කොන්දොස්තරවරයා ඊට විරෝධය දක්වා ඇති අතර ඒ සමගම කොන්දොස්තරවරයා ගේ සහායට තවත් තරුණයන් දෙදෙනකු ඉදිරිපත් වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙහිදී බස් රථයේ කොන්දොස්තර , රියදුරු සහ තරුණයන් දෙදෙනා ගැට කපන්නන් දෙදෙනා සමග බහින් බස් වීමක් සිදුවී ඇති අතර එහිදී එක් ගැට කපන්නකු සඟවාගෙන සිටි උල් පිහියකින් කොන්දොස්තරවරයාට පහර දීමත් සමගම ඒ ආසන්නයේ සිටි තරුණයාගේ උදර ප්‍රදේශයට වැදී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

ගැට කපන්නාගේ පිහි පහරින් තරුණයා රෝහලට

ලීවානගේ Thursday, 09 March 2023 05:33 PM

කුඩා කාලයේ මට සිදුවූ සිද්ධියක් නිසා මට නම් ගැටකපන්නෝ කියන්නේ කෑලිකෑලි වලට කපා මරන්න හිතෙන එවුන් ටිකක් තමයි මට තියෙන්නේ... එතරම් කේන්තියක් කිව්වොත් නිවැරදියි. එහෙම එවුන්ට රැකවරණය දෙන එවුන් හා ඔවුන්ට විරුද්ධ මානව හිමිකම් කාරයෝත් ඒ ගොඩටම එකතු වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site