IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගැටයා අල්ලන්න අලි මෙහෙයුමක්

මඩකලපුව වෙල්ලාවලි මන්ඩුර් තිත්කෝඩ් යන ප‍්‍රදේශවල  මිනිස් ජිවිත බිලි ගනිමින් දේපල වලට හානි කරමින් සිටි ගැටයා නමැති තනි අලියා අල්ලා ගැනිමට අද (10) වනජිවි නිලධාරිහු සමත්වූහ.

නැගෙනහිර වනජිවි ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර සහ පොලොන්නරුව වනජිවි ඒකකයේ පශු වෛද්‍යය ප‍්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම අලියා නිර්වින්දනය කර අල්ලා ගැනිමට සමත්විය.

පසුගිය මාසයේ පමණක් මෙම ප‍්‍රදේශයේ මිනිස් ජිවිත 03 ක් බිලිගත් අතර මෙම අලියා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට ගෙනියන  ලෙසට ප‍්‍රදේශවාසින් විසින් පසුගිය දා විරෝධතාවයක්ද පවත්වන ලදි.

දින 03 ක පමණ කාලයක් අලියා පසු පස හඹාගිය වනජිවි නිළධාරින් ඊයේ රාති අලියාට නිර්වින්දන එන්නත ලබා දුන්නත් අලියා ජලය තිබෙන දූපතක් වැනි ප‍්‍රදේශයට ගිය බැවින් අද  අලූයම සිට රැක සිටි වනජිවි නිලධාරින් වෙනත් ස්ථානයකදි අලියාට නිර්වින්දන බෙහෙත් දුන්නේය.

අල්ලා ගත් අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට කටයුතු කරන බව නැගෙනහිර පලාත් භාර වනජිවි අධ්‍යක්ෂක ඩී. එම්. විරසිංහ මහතා පැවසිය. 

-------_201510101 Elephnt_20151010 Elephnt_20151010-2 Elephnt_20151010-3 Elephnt_20151010-5 Elephnt_20151010-6



අදහස් (0)

ගැටයා අල්ලන්න අලි මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site