කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණය කරමින් එහි ගේට්ටුව ඇතුළු පොදු දේපොළ කඩා බැඳ දැමීයැයි කියන අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ භික්ෂුන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගේට්ටුව කැඩූ භික්ෂූන් අල්ලන්නැයි උසාවියෙන් අණක්
මුණසිංහ Saturday, 09 May 2015 02:31 AM
මහින්ද පාලන සමයේදී කඩා බිඳ දාපුවට මෙහෙම ඇක්ෂන් ගත්තේ නැහැනේ ! යහ පාලනයේ තවත් ප්‍රතිපලයක්.(බ)
නිෂාර්ඩ් Saturday, 09 May 2015 04:15 AM
දැඩි විනය නීතියක් ඇතිව, ආදර්ශමත් ලෙස සමාජයේ හැසිරිය යුතු විශේෂ වූ, ආගම් භේදයකින් තොරව කොයි කාගේත් ගෞරවයට පාත්‍ර වෙන අංක එකේ සුවිශේෂ වූ පිරිසක් තමා මහා සංඝරත්නය. මොනම හේතුවක් නිසාවත් උන්වහන්සේලාගේ මෙවැනි හැසිරීම් ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මෙවැනි හැසිරීම් දැකීමෙන් සාමය අගයන ජනතාව බොහොම කලකිරීමකට පත්වෙනවා. විශේෂයෙන් බෞද්ධ ජනතාව. දැනට මෙවැනි හැසිරීම් වල වර්ධනයක් දකින්ට ලැබෙනවා හැර අඩුවීමක් දකින්නට නැහැ. එය බොහොම නරක තත්වයක්. භික්ෂුවකගේ විනය ගැන සොයා බැලීමට සහ එවැනි ආදර්ශවත් නොවන හැසිරීම් සම්බන්ධව, විනයනුකුලාව කටයුතු කිරීමට , අවවාද කිරීමට සඟ සභාවෙන් විනය මණ්ඩලයක් ස්ථාපිත කොට මෙවැනි දේවල් යලි නොවන ලෙසට වග බලා ගතයුතුයි.(හේ)
රුවන් Monday, 11 May 2015 07:54 AM
තම අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණ කළ සාමණේරයන්ට වරෙන්තු. නමුත් විල්පත්තුව හොරෙන් ඩෝසර් කරන අයට මොකක්ද දුන් දඬුවම? (නි)
සමන්ති Friday, 08 May 2015 04:30 PM
ගේට්ටු කැඩුවන් භික්ෂුන් වෙන්න බැහැ. ඔවුන් චිවරධාරින්ය (නදී)
වජිරා Friday, 08 May 2015 08:38 PM
ස්තුතියි, වැරැද්දට නිසි දඩුවම් ලබාදෙන්න.(නදී)