IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ගජ මුතු විකුණනන්න ගිහින් පොලීසියට මාට්ටු

( කාංචන කුමාර ආරියදාස)

රුපියල් ලක්‍ෂ හැත්තෑවකට අලෙවි කිරීම සඳහා දඹුල්ලට රැගෙන විත් තිබූ ගජ මුතු දෙකක් සමඟ සැකකරුවෙකු  ඊයේ (20)  සැකපිට අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

හමුදා බුද්ධි අංශ සහ පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරින්ගේ තොරතුරක් මත  , දඹුල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් ගැනුම්කරුවන් ලෙස වෙස් වළාගෙන දඹුල්ල   පැල්වෙහෙර රන්දෙණිය වැව ආසන්නයේදී සැකකරු ගජ  මුතු දෙකත් සමඟ මෙම සැකකරු   අඩංගුවට ගෙන තිබේ

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සංචාරක  රියදුරෙකු ලෙස සේවය කරන තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි .

මෙම ගජමුතු   වීදේශගතව සිටින ඥාතියෙකු හරහා තමන්ට ලැබුණු බවත් ඔහු   පොලිසියට ප්‍රකාශ කොට තිබේ

කෙසේ වෙතත් මෙම සැකකරු මෙවැනි ජාවාරම්වලට මීට පෙර සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇත්ද යන්න මෙන්ම මෙම ගජමුතු ඔහුට ලැබුණු ආකාරය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළේය.

 දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්.  එන්.ජී .ජී . තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ  පවත්වති.

 



අදහස් (0)

ගජ මුතු විකුණනන්න ගිහින් පොලීසියට මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1161 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1166 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site