ගංජා ග්‍රෑම් 510 ක් ළඟ තබා ගැනීමේ වරදට වයස අවුරුදු 17 ක පමණ පාසල් සිසුවියකට අම්පාර අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද දෙවිමිත් පෙරේරා මහතා විසින් නියම කැරිණි. දින 250 ක අනිවාර්ය සිර දඬුවම වහාම ක්‍රියාත්මක වන පරිදි බල රහිත කරන ලෙස අම්පාර පළාත්බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා නියෝග කළේය.
ඇයට නියම කළ රුපියල් හය දහසක දඩය රජයේ ගාස්තුවක් බවට පත් කිරිමටද මහාධිකරණ විනිසුරු නියෝග කළේය. අනිවාර්ය සිර දඬුවම වෙනුවට ඇය දෙවසරක පරිවාස බාරයට පත් කර පුනරුත්ථාපනය කරන ලෙස ද නියම විය.
එක්සත් ජාතීන්ගේ ළමා ප්රඥ්ඥප්තියේ 3 වැනි ව්‍යවස්ථාව අනුව ළමයාගේ උපරිම යහපත කෙරෙහි අවධානය යොමු කරමින් එම දඩුවම් බල රහිත කිරිමට තමා නියෝග කරන බවද මහාධිකරණ විනිසුරු ප්‍රකාශ කළේය.
වරද පිළිගත් මුල් අවස්ථාවේදීම දැරියට අනිවාර්ය සිර දඩුවම් නියම කිරිම යුක්ති සහගත නොවන බවද සඳහන් කර ඇති මහාධිකරණ විනිසුරු පේ‍්‍රමචන්ද්‍ර මහතා දැරිය අධිකරණයට මීට පෙර ඉදිරිපත් කර තිබු අභියාචනය සළකා බැලීමේ අධිකරණ කටයුත්ත ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් සැළකිල්ලට ගෙන නැති බවද ස්වකීය තීන්දුව මගින් ප්‍රකාශ කොට තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ නුවන් කෞෂල්‍ය මහතා පෙනී සිටි අතර සිසුවිය වෙනුවෙන් නීතිඥ ගංගා අබේසිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා නඩුවේ දැරියගේ දඬුවම් අහෝසි කරයි
අනුරාධ Tuesday, 08 September 2015 11:27 AM
ඔබ තුමාට පින් සිදුවේවා! (ම)
ඩෙන්සිල් Tuesday, 08 September 2015 10:33 AM
ඔබතුමාගේ සාධාරණ විනිශ්චයට සහ මානුසික හැගීම් වලට ගරු කරමු. (අ)