IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගංවතුරින් අවිස්සාවේල්ලේ හතරක් මරුට:ගම් රැසක් යටවේ

(කේ බුද්ධික කුමාරසිරි)

අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු මෙලෙස ජලයෙන් යට වී මියගොස් ඇති බවත් තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවත් එම ඒකකය පවසයි.

ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.



අදහස් (8)

ගංවතුරින් අවිස්සාවේල්ලේ හතරක් මරුට:ගම් රැසක් යටවේ

Krishan Sunday, 02 June 2024 07:49 AM

ඉඩම් කට්ටි කර විකිණීම ප්‍රධාන හේතුව වෙල් ගොඩකර ගොඩනැගිලි ඉදිකිරිමත් වැසි ජලය බැස යෑමට ඉඩකඩ නොමැතිවිම නිසා ජලය රැදෙනවා ජලය බැස යනවා වේගවත්ව නොව සෙමින් කාණු නැහැ එවා වැසි ගිහින් එවා නිසියාකාරව පිළිසකර නොකිරිම හේතුවක් අදාළ ආයතන විසින්

:       117       42

Chinthaka Sunday, 02 June 2024 11:22 AM

අද දවසම .සාමාන්‍යයෙන් අද රාත්‍රි දෙක පමණ වනතුරුම වහීවි කියලා හිතෙනවා .සියලු ලක්වාසීන්ටම තෙරුවන් සරණින් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු රැකවරණය ලැබේවා

:       1       79

Ruwan De Silva Sunday, 02 June 2024 12:57 PM

ඉස්සර අපේ ගෙවල් කවදාවත්අ වැස්සට යටවෙලා නෑ මුත්තා කාලෙවත් ගෙවල් අවට කඩොලාන වනාන්තර, අඟුරු බිම්, කුඹුරු තිබ්බා පස්සෙ ඒවා ගොඩ කරලා ගෙවල් හැදුවා. දැන් පොඩි වැස්සටත් යටවෙනවා. මේ පාර නම් වහල ගාවටම වහියි.

:       36       19

ඉරාන් Sunday, 02 June 2024 11:10 PM

මිමී 400 ඉක්මවපු වර්ෂාවක් ගැනවත් පුරොා්කථනයක් දෙන්න බැරි කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවකුත් තියෙනව මේ රටේ..මහජන බදුමුදලින් නඩත්තු වෙන..

:       9       27

Asitha Monday, 03 June 2024 04:26 AM

මේ ක්ෂණික ගං වතුර වලට හේතුව වෙල් ගොඩ කිරීම නෙමෙයි,(හයියෝ මෙහෙම මිනිස්සුනෙ ඉතින් ලංකාවෙ ඡන්දෙ දාන්නේ) මේකට ප්‍රධාන හේතුව එල්-නිනෝ තත්ත්වය. එතකොට පොඩි වෙලාවක් තුල විශාල වතුර ප්‍රමාණයක් වැටෙනවා වගේම ගොඩක් වෙලා වහිනවා (කලුතර අද සෙන්ටිමීටර් 22ක් වැහැලා තියෙනවා) ලෝකයේ දියුණු රටවල් අධික ඉන්ධන භාවිතය නිසා විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එකතු වෙලා තියෙන්නෙ. ඒ නිසා වායු ගෝලය දැඩි ලෙස රත් වෙනවා. එතකොට සාගරයත් පොලවත් ඒ වගේම රත් වෙනවා. එහෙම වුනාම සාගරය සහ ගොඩබිම් ජලාශ දැඩි ලෙස වාශ්පීභවනයට ලක් වෙනවා. දැන් වායුගෝලයේ සෑහෙන්න ජලවාශ්ප තියෙනවා. මේක පොඩ්ඩක් හරි සීතල වෙච්ච ගමන් විශාල වලාකුලු ප්‍රමාණයක් ඇති වෙලා අර මහ ජලකඳ ක්ශණිකව කඩාගෙන වැටෙනවා.

:       1       21

Asitha Monday, 03 June 2024 04:50 AM

හරි, ලංකාව යට වුනේ වෙල් ගොඩ කරලා නම්, ඩුබායි (එමීර්) යට වුනේ මොකක් ගොඩ කරපු නිසාද? තව කොච්චර නම් රටවල් වල පැත්තක් නියන් වලින් වේලෙනකොට අනිත් පැති යට වෙන්නෙ කොහොමද. මහ ජෙප්පා බොරු කිව්වම පොඩි ජෙප්පෝ ඒ ලණු එහෙම් පිටින්ම ගිලිනවා. කොලඹ සාමාන්‍ය ගං වතුර වලට ගැලපෙන්න මෝය කටවල් විශාල කරලා, පොම්පාගාර දාලා තියෙන්නෙ.

:       3       13

Rathnaseekara Monday, 03 June 2024 10:56 AM

අසිත පොතේ හැටියට නම් ඉතාමත් නිවැරදියි ඒත් ඒක කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති කෙනෙකුට මිස අත්දැකීම් සහිත කෙනෙකුට පිළිගන්න බැහැ අධික වර්ෂාව නිසා ක්ෂනිකව ගලායන ජලය කුඹුරු තියෙනවා නම් ඒවායේ පිරීයාම නිසා අනතුරු අඩුවෙනවා කුඹුරු සමඟ තියෙන ඇලවේලි වතුර බැසයාමට මහගු උපකාරයක් වෙනවා කුඹුරු වතුපිටි ගොඩකලාම වර්ෂා ජලය පහත් තැන්වලින් ගලාගෙන යනවා එමගින් විනාශ වීම් ඇතිවෙනවා . ඊළඟට මාර්ග සැකසීම කරද්දී දෙපසින් කානු නොයෙදීමත් තවත් ගැටලුවක් වෙනවා ලොකුම උදාහරණයක් හැටියට ආචාර්ය බන්දුල ඇමැතිතුමා නියෝජනය කරන හෝමාගම නගරය පෙන්වා දෙන්න පුළුවන්

:       0       0

චතුර Monday, 03 June 2024 10:51 AM

එල් නිනෝ තියා මොන නියෝ ආවත් වතුර බැහැලා යන්න තියෙන පහත් බිම් ගොඩකරාම හරියනවද? මම හිතන්නේ වෙල් ගොඩකරපු අය තමයි වෙල් ගොඩකරාට ගංවතුර ගලන් නෑ වගේ කමෙන්ට් දාලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site