IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඛනිජතෙල් බෙදුම්කරුවන් දැඩි තීරණයක

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවි කරන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයකට පත්නොකළ හොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

ඉදිරි ඉන්ධන මිල සංශෝධනයකදී සියලුම ආයතන එකම මිලක් යටතේ හෝ තරගකාරිත්වය අනුව සුළු වෙනසක් යටතේ ඉන්ධන අළෙවි කිරීමට පරිසරය සකස් නොකළ හොත් සංගමයක් ලෙස පියවර ගන්නා බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා යොමු කළ ලිපියේ සඳහන් වේ.

ඛනිජ තෙල් බෙදාහැරීමේ ආයතන නියාමනය කිරීමට නියාමන ආයතනයක් පිහිටුවන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසූ බවත් හැකි ඉක්මණින් එම නියාමන ආයතනය පිහිටුවිය යුතු බවත් ෂෙල්ටන් ප්‍රනාන්දු එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ. 



අදහස් (6)

ඛනිජතෙල් බෙදුම්කරුවන් දැඩි තීරණයක

කෝබයියෝ Monday, 02 October 2023 03:19 PM

හරි ශෝක්, එතකොට වැඩිකරන කොට ඔක්කොම එකට එකතුවෙලා එක විදිහට වැඩි කරනවද? කෝ අර ඒ දවස්වල බණ කියපු බයියෝ? සමාගම් ගොඩක් අවහම තරඟකාරිත්වය නිසා අඩුමිලට ඉන්ධන ලැබෙයි කියපු...

:       2       47

රංජිත් Monday, 02 October 2023 04:24 PM

කියලා වැඩක් නෑ... හෙන ඩයල් ඇවිල්ලා පාරම්බෑවේ මිල අඩුවෙනවා කියලා...

:       0       0

Bamunuarachchi Monday, 02 October 2023 06:29 PM

ඔහේගේ නම වෙනස් කලොත් මගේ අදහස පලවෙන්නේ නැහැ. ගොබයියෝ විකුණන ආයතන වැඩි වුණාම තරඟයක් ඇතිවීම ගමේ ජෙමයියගේ තර්කයක් නොවෙයි, ඒක ආර්ථික විද්‍යාවේ කියවෙන දෙයක්. ඉන්ධන අත්‍යාවශ්‍යම දෙයක් නිසා ඒ නියම ඉන්ධනවලට බලපෑම් බොහෝ දුර‍ට අඩුයි. ඒත් චීන ඉන්ධන ෂෙඩ් ඔක්ටේන් 92 රුපියල් 3 අඩුවට දෙනවා. ප්‍රශ්නය ඒක නොවෙයි බවුසර් කාරයින්ට තිබෙන පස්සේ අමාරුව මොකක්ද? වෙළෙන්දා අඩු මිලකට ඉන්ධන දුන්නාම? ඒකත් හරියට පිටකොටුවේ නාට්ටාමිලා වෙළඳුන්ට අඩු මිලට බඩු විකුණන්න එපා කියනවා වගේ වැඩක්. බව්සර් කාරයෝ කරන්නේ නාට්ටාමිලා කරන වැඩේ නේද?

:       3       18

NIHAL DHARMATILEKE Monday, 02 October 2023 03:24 PM

පාරිභෝගිකයෝ හැටියට අපිට ඕනේ සපයන්නන් අතර තරගයක්... කවුද ලාබෙට තෙල් දෙන්නේ? අපි ගන්නේ එතැනින්. එහෙම නැතිව එකම මිලට තෙල් ගන්න සමාගම් 5ක් මොකටද?

:       1       24

Manoj Monday, 02 October 2023 04:49 PM

ඔයාලාට මොකක්ද අවුල...? මට තේරෙන්නේ නෑ...

:       0       5

Anuradha Monday, 02 October 2023 05:34 PM

හැමෝටම ඔනවිදියට රටවල් කරන්න බැහැ... රජයට සහ මහපුටුවට පුළුවන් වෙන්න ඕනේ ඉඹින්න... බැරී නම් අතකපලා දන්න, ඒහෙම නැතුව රටවල් කරන්න වෙන්නේ නෑ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site