IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කේ.බී. හේරත් වේදිකාව නිමා කරයි

(ඩයනා උදයංගනී සහ සමන් පුෂ්ප ලියනගේ)

ප්‍රවීණ නාට්‍යවේදී, ආචාර්ය කේ.බී. හේරත් මහතා අද (29) අභාවප්‍රාප්ත විය.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියෙහි පසුවිය.

කේ.බී. හේරත් මහතා, විශිෂ්ඨ වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට තිර පිටපත් රචකයකු, මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකි. 1979 වසරේදී ‘සුදුකරල්’ වේදිකා නාට්‍යය රචනා කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඔහු ටෙලිනාට්‍ය පිටපත් 500ක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් 200ක් පමණ රචනා කර ඇත.

ඔහු විසින් රචිත ‘මායාදේවී’, ‘නාග ගුරුළා’, ‘දෝන කතිරිනා’, ‘දෙවැනි මහින්ද’, ‘කළුකුමාරි’, ‘වාසුදේව’, ‘යසෝදරා’ හා ‘ජගන්මා’ යන නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළවලදී හොඳම නාට්‍ය රචනය, අධ්‍යක්‍ෂණය ආදී අංශ යටතේ සම්මාන හිමිකර ගත්තේය.

‘දෝන ඉසෙබෙලා නොහොත් ගජමන් නෝනා’, ‘සක්විත්තෝ’, ‘ඉසිවර අසපුව’, ‘ඉති අතු’, ‘ගිරි දෙරණ’, සඳගිරි පව්ව’, ‘මිහිමඩල ගිනිවදී’, ‘සුවඳ පත්ම’, ‘දෙනුවර මැණිකේ’, ‘දියවඩන මළුව’, ‘ටිකිරි නිලමේ’, ‘සසර සෙවණැලි’ ඔහු විසින් රචනා කළ ටෙලි නාට්‍ය අතුරින් කිහිපයකි.

එමෙන්ම ‘ඉංගම්මාරුව’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය ඔහු රචනා කළේය.

වසන්ත ඔබේසේකරයන්ගේ ‘දොරකඩ මාරාව’ චිත්‍රපටයේ පිටපත රචනා කිරීමට ද සහාය වී ඇති කේ.බී හේරත් මහතා ‘සුදු සළු’, ‘අපි මැරෙන්නෙ නෑ’ සිනමා පටයන් ද රචනා කළේය. ඔහු තමා රචිත පිටපත් ගණනාවක් කෘතීන් ලෙස ද පළකළ අතර එම නාට්‍ය පිටපත් වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද හිමි වී ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ගම්මානයේ ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඔහු විසින් කලා ක්‍ෂේත්‍රයට ඉටු කළ අනුපමේය මෙහෙවර අගයමින් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගින් ඔහු වෙත ආචාර්ය උපාධියක් ද පිරිනැමීය.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.

 



අදහස් (3)

කේ.බී. හේරත් වේදිකාව නිමා කරයි

jayath Sunday, 29 January 2023 06:32 PM

වනස්පති වෘක්ෂයක ඇදවැටීම- මේ කාලේ මේවගේ දේවල් ම වැඩිපුර අහන්න වීම අභාග්‍යයක් ඒ වගේම මේවට ආදේශක වෙනුවට දැන් තියෙන්නේ අරටුවක් නැති පැපොල් ගස් වීම ඊට වඩා අභාග්‍යයක් !!!!

:       0       0

චන්ද්‍රසිරි විතානආරච්චි Sunday, 29 January 2023 09:53 PM

ඉපදෙන අප සියලු දෙනා මැරෙන එක ස්වාභාවිකයි. එසේ උවත් මෙවන් නිර්මාණශීලී පුද්ගලයන් මිය යනවා කියා කියන්නේ ඉතින් අප එක්තරා අතකින් අනාත භාවයට පත්වනවා කියන එකයි. මෙවන් අයෙක් නැවත අප අතරට කවදා ලැබෙයිද.?

:       0       1

sharm warn Monday, 30 January 2023 02:54 PM

අති දක්ශ නිර්මාණකරුවෙක් නිකම ගියා.. හරිම දුකයි.. ඔබට සුභ ගමන් . . මහතානෙනි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site