කොටි සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරික්ෂණවලදී ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් අනාවරණය වී නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද (31) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කේ.පී අත් අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේදී සලකා බැලූ අතර එහිදී මෙම කරුණු සඳහන් විය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.
ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම, නීති විරෝධී අවි ජාවාරම් ආදී චෝදනා 193ක් දක්වා ඇතත් මේ කිසිදු සිද්ධියක් පිළිබඳව නිසි කරුණු මෙතෙක් අනාවරණය වී නැතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නාවාන මහතා අධිකරණයට දැන්වීය.
එබැවින් මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිසි තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදිමට කල් ලබා දෙන ලෙසද නාවාන මහතා ඉල්ලීය. පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 28 දිනට කල් තැබිණි.
මේ අතර කේ.පීට රටින් පිටව යාම වළකමින් ආගමන පාලකවරයා වෙත නිකුත් කළ අතුරු නියෝගය ඔක්තෝබර් 29 තෙක් දීර්ඝ කිරීමටද අධිකරණය නියෝග කළේය.
වීඩියෝ - සනත් ඩෙස්මන්
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ‘
චන්න බුවනක Monday, 31 August 2015 03:06 PM
අනේ අප්පේ. අර යහපත් මනුස්සයට මොකට නඩු දානවද? (බ)
රුවන් Tuesday, 01 September 2015 02:51 AM
ඔය කතාව ඉතින් අපි මහින්ද මහත්තයාගේ කාලෙදීම ඇහුවනේ (නි)
අස්මිත් Tuesday, 01 September 2015 04:26 AM
බලනකොට ප්‍රභාකරන්ටත් ඔය ටිකම වෙන්න තිබුනා ජීවතුන් අතර සිටියා නම්. (නි)
මොහොමඩ් Tuesday, 01 September 2015 04:43 AM
අනිවාර්යයෙන් අස්මිත්, ඔයා හරි (නි)
සොපී Tuesday, 01 September 2015 04:55 AM
දැන් ඔය අපුරුවට කියන්නේ පරණ කතාවමනේ.යහපාලනයෙන් අලුත් දෙයක් අහන්නයි ජනතාව බලාහිටියේ.අනේ කාලේ වනේ වාසේ! (නි)
පුෂ්පසිරි Tuesday, 01 September 2015 05:23 AM
මෙහෙම වෙයි කියලා මට නම් හිතුණා (නි)
රූපවතී Tuesday, 01 September 2015 05:44 AM
සාමාන්‍යයෙන් අපි වගේ දුප්පත් මිනිසෙක් ඔය වගේ ගනුදෙනු කළා නම් වසර 20ක් 30ක් කාලයක සිට, අපිට ලැබෙන දඬුවම මොකද්ද..? අනේ මිනිසුනේ, නීතිය කියන දෙය ඔබ සැවොම එකතුව ප්‍රසිද්ධියේ විකුණා අවසන් (නි)