නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් විසිහත්කෝටි හතළිස් ලක්ෂ දහ අටදහස් දෙසීයක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් මුතුරාජවෙල විදුලි ජනන බලාගාරයේදී විනාශ කරනු ලැබීය.
කටුනායක බණ්ඩාරනාය ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් 2025 මැයි මස 25 වන දින සිට 2025 ජූලි 20 දින දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ විදේශීය දුම්වැටි 1,826,788 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් පසු මෙලෙස විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.
මෙම දුම්වැටි දේශීය වෙළඳපළට නිකුත්වූවා නම් ඉන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමිවීම රු.205,668,674 ක් පමණ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය
ගුවන්ටුතොටුපල තුළ රේගු නිලධාරීන් විසින් දෛනිකව සිදුකරන ලද වැටලීම් මගින් මෙම දුම්වැටි අත්අඩංගුවට ගෙන රාජසන්තක කර ඇත. රේගු ආඥා පනතේ 12, 43 වන වගන්ති අනුවද 1999 අංක 8 දරන දුම්කොල පනත අනුවද ශ්‍රී ලංකාව තුලට දුම්වැටි රැගෙන ඒම හෝ ආනයනය කිරීම හෝ නීති විරෝධී ක්‍රියාවක් යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෝටි 24ක දුම්වැටි වනසයි
පිටරටවැසියා Friday, 12 September 2025 08:55 AM
ගෙනාවේ නීතිවිරෝධීව වුණත් නීත්‍යනුකුලව විකුණන්න පුළුවන්නේ. රටට ගෙනාපු හින්දා රටේ තියෙන ඩොලර් ටිකත් පිටට ගිහිං ඉවරයිනෙ. එහෙම එකේ රාජසන්තක කරපු නීතිවිරෝධීව ගෙනෙන ලද දුම්වැටි, බීඩි කොළ, මද්‍යසාර වගේ දේවල් රජය මගින් දුම්කොළ සමාගමට සහ මද්‍යසාර සමාගම්වලට අලෙවිකොට මහ භාණ්ඩාගාරයට මුදල් බැරකරන්න පුළුවන්නේ. නීතිවිරෝධීව ගෙනෙන ලද කහ සහ ඉඟුරු වගේ දේවල් සතොසට අළෙවි කරන්න පුළුවන්නේ. නීතිවිරෝධීව ගෙනෙන ලද වාහන සහ රත්තරනුත් ඔයවගේ පුළුස්සා විනාශකරනවද? 2/3 ක් තියෙන එකේ අණ-පණත් වෙනස්කරගන්න බැරිකමක් නෑනෙ? රජයේ නිලධාරීන්ට සහ පාලකයන්ට ඉක්මණින් නුවණැස පහළවේවා !!!
Pradeep KumaraFriday, 12 September 2025 02:14 PM
මගේ අදහසත් ඕකම තමයි. රුපියල් කෝටි 24ක් කියන්නේ පොඩි මුදලක්ද?