(සුජිත් හේවාජූලිගේ සහ අංජල මහීකවීරරත්න)
අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිර කිරීමට රුපියල් කෝටි පනහකට ආසන්න මුදලක් 2019 සහ 2020 වසරවලදී වැය කර ඇතත් එම ගැටුම පාලනයක් නැතැයි රජයේ ගිනුම් සභාව පවසයි.
අලි - මිනිස් ගැටුමමෙන් මිනිස් මරණ 28ක් හා අලි මරණ 83ක් මේ වසරේ මාර්තු 23 වැනි දා වන විට වාර්තා වී ඇතැයි ද එම කමිටුව ඉදිරියේදී තොරතුරු අනාවරණය වේ.
අලි - මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීමට 2019 වර්ෂයේදී විසි හත් කෝටියක් පනස් හතර ලක්ෂ හතළිස් දහස් හයසිය තිස් නවයක් ද, 2020 වර්යේදී රුපියල් විසි දෙකෝටි පහළොස් ලක්ෂ පන්දහස් අටසිය දහඅටක මුදලක් ද වැය කර ඇතැයි එම කමිටුව පවසයි.
මෙම මුදල වැය කර ඉදිකර ඇති විසුලි වටේ සම්පූර්ණ දිග ප්‍රමාණය කිලෝ මීටර් 4756කි.
රජයේ ගිනුම් පිළිබඳ කාරක සභා සභාපති මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්විණි.
COMMENTS
ඉන්දියානු ආක්‍රමණිකයන් අපේ පාරම්පරික වනයේ පදිංචි වෙලා ඔවුන් කතා කරන්නේ පැරැණි රාවණා පරපුරේ භාෂාව අඳුනාගන්න බැරි නිසා අපි පහර දෙනවා. ඔවුන් පිටව යන තුරාවට ඔවුන් අපේ රූපය ගසාගෙන දේශපාලනයත් කරනවා.
මේ සඳහා ඌරුවරිගේ ඇත්තන්ගෙන් උපදෙස් ගන්න.
ප්‍රශ්නය තිබෙන්නේ වියදම් කල මුදලේ නොවෙයි. එම මුදල් වියදම් කර සිදුකල ක්‍රියාවන් වලයි. අලි මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා විදුලි වැට එකම හා ප්‍රායෝගිකම විසඳුම නොවෙයි. ඊට සාපේක්ෂව වියදම් අඩු, හානිකර නොවන ක්‍රම තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ ක්‍රම හඳුනා ගැනීමට බලධාරීන්ට වුවමනාවක් නැති කමයි. මොකද එහෙම වුණාම එයාලාට මුදල් වියදම් කරන්න හේතු නැතිවෙනවා. අනික ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් වෙන්නේ දේශපාලකයින්ට තියන ඉල්ලුම නැතිවෙන එකයි. එම නිසා දේශපාලකයා කැමතියි සාමාන්‍ය ජනතාව හැමදාම මොනවා හරි ප්‍රශ්ණයක ගිලිලා ඉන්නවට. මොකද ඊළඟ පාර බලයට එනකොට ජනතාවගේ තියන ඔය එක එක ප්‍රශ්ණ ඔවුන්ට හරියට වැදගත් වෙනවා. අනික ඔය කෝටි 50ක මුදලින් අඩුම තරමින් 50%ක් වත් විදුලි වැටවල් සඳහාම යොදවලා නැහැනේ...
ඕක මොකක්ද? බිලියන ගණන් වියදම් කරලා තවත් ප්‍රශ්න එකතු කරපු ඒවා කොයි තරම් තියෙනවද...?
කොහොමත් එයාලා කරන්නේ ප්‍රශ්න වවලා ලොකු ලොකු ඇස්තමේන්තු පෙන්නලා.. අලියන්ගෙයි, මිනිස්සුන්ගෙයි.. කුට්ටියක් කඩාගත්ත එක. මේ ආණ්ඩු කොයි එක ආවත් ඔව්වට විසඳුම් නැහැ. වියදම් නම් තියෙයි ගාණ සැරේට... මොකද ඒ අයගේ අම්මා අප්පගේ බූදලේනේ...