
(යොහාන් භාසුර සහ ටී.කේ.ජි කපිල)
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රත්තරන් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධීව ඩුබායි සිට ඕමානයේ මස්කට් නගරය හරහා රැගෙන ආ චීවරධාරියකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ඡංගම දුරකතන 218ක, රුපියල් අනූ ලක්ෂයක් වටින් රන් බිස්කට් අටක්, රුපියල් ලක්ෂ හයලක්ෂ අසූ දහසක් වටිනා රන් කැබලි හයක්. රුපියල් ලක්ෂ 21 වටිනා ගෙල පළදනා මාල දෙකක්, ලැප්ටොප් පරිගණකයක් එහි තිබී සොයාගෙන ඇත.
නීති විරෝධී ලෙස රැගෙනවිත් තිබූ එම භාණ්ඩ අතර පාවිච්චි කරන ලද ජංගම දුරකතන, පාවිච්චි කරන ලද ලැප්ටොප්, රත්තරන් බිස්කට්, රත්තරන් කැබලි සහ රන් ආභරණ ඇතුළත්ව ඇති බවත් එම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන් 22.5 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම සැකකරු සිය ගමන් මල්ල තුළ පුද්ගලික භාණ්ඩ අඩංගු යැයි ගුවන් තොටුපළ රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කිරීමේදී පරීජෂා කළ බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර රේගු පරීක්ෂණයක් පවත්වා රත්තරන් සහ ජංගම දුරකථන රාජසන්තක කර සැකකරුවන්ට දඩ නියම කිරීමට ශ්‍රී ලංකා රේගුවේ ගුවන් තොටුපල අංශයේ සේවයේ නියුතු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
කරන්ට් බිල ගෙවන්න වෙන්න ඇති...!
අද කියවපු ලස්සනම ප්‍රවෘත්තිය...!
උතුම් වූ බුද්ධ චීවරය කිලිටි කරන දුසිල්වතුන් සොයා ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතුයි....!
මෙව්වා තමයි නියම ගේම්... දැක්කොත් බුවා. නොදැක්කොත් එබුවා කියන්නේ මේවාට. අහු වුණොත් දඩයක් ගෙවලා එළියට යනවා... නැත්නම් කාටත් නොදැනි බඩු ටික එළියට යනවා. මට නම් හිතෙන්නේ කලින් සැලසුම් කරලා කාව හරි සෙට් කරගෙන එන්න ඇත්තේ.... වැඩේ මිස් වුණා... සෙට් කරපු කෙනා කුමක් හෝ හේතුවකට අද වැඩට එන්න නැතුව ඇති... අපි නොදන්න කස්ටම්...!
ළඟදීම උද්ඝෝෂණයක් කරයිද දන්නේ නැහැ... හාමුදුරුවන්ගේ ගමන්මලු පරීක්ෂා කරන්න එපාකියා කියා...!
මීළඟ අරගලයට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් විය හැකියි...!
නිවන් දකින්නට පින් මදි වෙන්නැති, ඒකයි තවමත් හිර බාරේ....
චීවරධාරීන් විශ්වාස කළ නොහැකි තැනට පත්කර හමාරයි...