IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොළඹ නගර සභා කර්මාන්තශාලා සේවකයන් හොර අතිකාල අරගෙන

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන් පසුගිය වසරේ නීති විරෝධීව රුපියල් ලක්‍ෂ 8කට ආසන්න මුදලක් (රුපියල් 779,704) අතිකාල දීමනා ලෙස ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් පවසයි.

ජාතික විගණන කාර්යාලය කොළඹ මහ නගර සභාවේ නාගරික කර්මාන්තශාලාවේ නිලධාරීන් සහ සේවකයන්ගේ පසුගිය වසරේ (2024) වැටුප්, අතිකාල දීමනා හා නිවාඩු දින වැටුප් ගෙවීමට අදාලව කළ විගණන පරීක්‍ෂාවේ දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහණිව ‘චෙක් රෝල්’හි පැමිණීමේ දිනයක් ලෙස වාර්තා කර රුපියල් 393,594 ක්, ඇඟිලි සලකුණු යන්ත්‍ර වාර්තාවට පටහැණිව රුපියල් 247,567 ක්, වැටුප් රහිත නිවාඩු ලබාගෙන ඇති අවස්ථාවල රුපියල් 96,101 ක් සහ ඊට පෙර සිකුරාදා සහ පසුදින සඳුදා දිනවල සේවය නොකර සෙනසුරාදා හා ඉරිදා යන දිනවල රුපියල් 42,442 ක් ලෙස මෙලෙස නීති විරෝධීව රුපියල් 779,704 ක් අතිකාල ලෙස ගෙවා ඇතැයි විගණන වාර්තාව පවසයි. 



අදහස් (0)

කොළඹ නගර සභා කර්මාන්තශාලා සේවකයන් හොර අතිකාල අරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site