(සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගය කොළඹ නගර සභාව පරාජය වීමත් සමඟ එම පක්ෂය තුළ බරපතළ දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තාවේ.
කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට පහසුවෙන්ම හැකියාව තිබියදී එම අවස්ථාව මඟ හැරීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් පක්ෂ නායකත්වයට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.
පළාත් පාලන ආයතනවල බලය පිහිටවන අවසාන මොහොතේදී පක්ෂ මහලේකම්වරයා විදේශගත වීමද බොහෝ ක්‍රියාකාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමග ජන බලවේගයේ නායකත්වය උපරිම කැපවීමක් නොදැක්වූ බවටද බොහෝ ක්‍රියාකාරීහු චෝදනා කරති.
සමහර නායකයන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් ගැලවීමට ඔවුන් මෙවැනි නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළාදැයි ඔවුහු මෙහිදී සැක මතු කරති.
මේ අතර ජනාධිපතිවරණයේදී සන්ධානවලට යෑම ප්‍රතික්ෂේප කළ නායකත්වය පළාත් පාලන ආයතන පිහිටුවීමේදී සන්ධාන වලට යෑම විහිළුවක් බව පෙන්වා දෙන එම ක්‍රියාකාරීහු එසේ කටයුතු කරමින් සභිකයන් බිල්ලට දීම අනුමත නොකරන බවද සඳහන් කරති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොළඹ ඡන්දයෙන් පසු සජබෙ දෙදරීමක්
මහසෙන් Wednesday, 18 June 2025 03:42 PM
කලබල වෙලා කෑගැහුවට වැඩක් නෑ.පක්ෂ නමේ විදියට වැඩ නෑ වගේ ම මං පොර ජාතකයම දෙසන පුතානෝ ඉන්න කැමති සදාකාලික විපක්ෂ නායක කමේ තමා.
සමගි මාවතේ වලියක් Wednesday, 18 June 2025 03:43 PM
හී හී හී!!!
යෝගා Wednesday, 18 June 2025 03:44 PM
සජිත් ඉන්නේ ලොකු ඩීල් එකක බව මොන්ටිසෝරි ළමයකුට වුණත් තේරෙනවා. සජබෙ තරුණ දක්ෂයන්ට ඉක්මනට තීරණයක් ගන්න වෙනවා.
අරවින්ද මොණරවිල Wednesday, 18 June 2025 03:45 PM
හැමදාම අවුල් හැමදාම, ගෝරි ඒ උනාට නම සමගි ජන බලවේගය, බලයට එන්න පොරකනවා මිසක වැඩ පිළිවෙලක් දර්ශනයක් හො එකමුතු කුමක් නැති පක්ෂයක් ! සජිත් නායකයා වෙලා ඉන්නා තුරු ඔය පක්ෂට දිනන්න බැරි වෙයි.