(මුදිතා දයානන්ද)
කොළඹ මහනගර සභාව කසළ එකතු කිරීම හා ප්‍රවාහනය සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදි නගර සභාවට කෝටි තිස්දෙකක පාඩුවක් සිදුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පවසයි.
දැනට දිසා අංක 04හි කොන්ත්‍රාත්තු-ව සිදුකරනු ලබන්නේ මසකට රුපියල් කෝටි 1.18කට වන අතර නව කොන්ත්‍රාත්තුව ලබාදි තිබෙන්නේ කෝටි 1.97කට බවද ඒ අනුව වසරකට කෝටි 9.4ක් දැනට වඩා වැඩියෙන් නව කොන්ත්‍රාත්තුව සඳහා ගෙවිය යුතු බවද වීරකෝන් මහතා කියයි.
මේ ආකාරයට දිසා අංක 03 කොන්ත්‍රාත්තුව සඳහා වසරකට කෝටි 10.5ක්ද දිසා අංක 02 බී හි කෝටි 11.9ක්ද වැඩියෙන් ගෙවීමට නගර සභාවට සිදුවන බවද ඔහු සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ ගොස් නැත්නම්, සේවක වැටුප් ඉහළ ගොස් නැත්නම් මෙතරම් අධික මුදලක් ගෙවීමට සභාව ගත් තීරණය අනුමත නොකරන බවද ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ මන්ත්‍රීවරයා පෙන්වා දෙන තරම් ඉහළ ගෙවිමක් සිදුනොවන නමුත් වසර හතරකට පෙර කොන්ත්‍රාත්තුව ලබාදුන් මිලට දැන් කොන්ත්‍රාත්තු ලබාදිය නොහැකි බවය.
නව කොන්ත්‍රාත්කරුගෙන් සේවක ප්‍රමාණය වැඩියෙන් ඉල්ලා ඇති අතර නවීන තාක්ෂණක උපකරණ ඉල්ලා ඇති බවද සේනානායක මහත්මිය සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ කුණුවලින් කෝටි 32ක පාඩුවක්
මනු Friday, 26 March 2021 04:24 AM
ජවිපෙ කුණු ඇදිම නොමිලේම කරන්නේ... කොන්ත්‍රාත්තුව බාරදෙන්න.
සෙනෙවිරත්න Friday, 26 March 2021 08:42 AM
අන්න හවුලේ හැත්තෑවක් වසර කාපු කෙනෙක්ට රිදිලා...
Prabha Sunday, 28 March 2021 05:11 PM
කියන්නේ කවුද කියා අදාළ නැත. කියන්නේ ඇත්තද යන්නයි වැදගත්..