(ඉන්දිකා රාමනායක)
කොහුවල ආසිරි මාවතේ දී මෝටර් රථයක් තුළ තිබී සොයාගත් පිළිස්සුනු මළසිරුර කළුබෝවිල භාතිය මාවතේ 33 හැවිරිදි ව්‍යාපාරිකයා බවට ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
මෝටර් රථය තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ සිරුරෙන් හා ඔහුගේ මවගෙන් සහ පියාගෙන් ලබා ගත් ඩී.එන්.ඒ. සම්පල ඔහුගේ බවට සැසදී ඇතැයි අතිරේක රස පරික්ෂක ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න මහතා තහවුරු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd