
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කළ බව කපුගොල්ලෑව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 13 වැනිදාය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අනුරාධපුර තිරප්පනේ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකි.
පහර කෑමට ලක්වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇයගේ දත් දාහතරක් කට තුළට නෙරා ගොස් ඇති බවත් එම දත් නැවත සකස් කිරීමට ශල්‍යකර්මයක් කළ යුතු බවට දන්ත වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බලා නිර්දේශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
අවුරුදු හතළිහක වයසේ පසුවන මෙම කාන්තාව ගේ අවුරුදු විසි එකක් වයස පුතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ සහෝදරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.
COMMENTS
මම නම් කියන්නේ ඔය වගේ අයව අල්ලලා කප්පාදු කළ යුතුයි... කෝ මේරටේ මහලොකු කාන්තා සංවිධාන..?
මටනම් පෙනුනේ සමාජමය ප්‍රශ්නයක්.අවුරුදු දහනවයේදී මවක්වූ කාන්තාව...ලමාවිය ඉක්මවූ විගස ජීවන බර දරන්න සිදුවීම...