IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය  කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇත

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවක් වන බවද පොලිසිය පවසයි.

මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු  සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් පොලිසිය පවසයි.

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දින රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

මළ සිරුර රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත.

ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.

මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබා ගත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම් සම්පත් සේනතුංග මහතා ලබා දුන් පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවයි 

ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (5)

කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා මාට්ටු

බද්රානි Wednesday, 22 September 2021 12:57 AM

ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස සිතනවා නම්, ඔබ සැබෑ ලාංකික පිරිමියෙක්, ගැහැණුන්ව නොමරා මරණ ලාංකික නපුන්සක පිරිමි අතර ඔබ නියම ලාංකික පිරිමියෙක්. සල්ලි වලට අම්මව උනත් විකුණගෙන කන තුප්පහි ජාතිය තුල උපන් ඔබ, ලංකාව තුල සිදුකල මේ ක්‍රියාව ගැන මට නම් එතරම් ගැටළුවක් නැහැ. යම් කිසි ලෙසකින් දඬුවමක් ලැබුනත්, ඔබ නුදුරු අනාගතයේදී උත්තරීතර සමාව ලබා මේ රටේ කීර්තිමත් චරිතයක් වෙනවා සිකුරුයි.

:       1       15

Raveendra Wednesday, 22 September 2021 05:37 AM

නොදකින් මේ වගේ නපුන්ෂකයන් ...උපරිම දඩුවම් ලැබේවා.... පව් අහිංසක දරු දෙදෙනා.....

:       0       10

GEMUNU Wednesday, 22 September 2021 09:36 AM

එල්ලුම් ගහ නැති එකේ පලවිපාක.

:       0       20

P perera Wednesday, 22 September 2021 10:01 AM

දඩුවම් උපරිමව ලබා දෙන්න

:       0       18

pakeer Wednesday, 22 September 2021 02:47 PM

මෙවන් ලංකාව තුල පමණක් නොව ,ලොව ඉතාමත් දියුණු රටවල පවා වෙන සිද්දියක් .එහෙමයි කියලා ලංකාව සුද්ද කරනවා නෙමෙයි .මේක මිනිස් ගතියක් .හරිම කණගාටුයි

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 630 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 828 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site