(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සදහා කල්මුණ මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ ගම්පහ ප්‍රදේශයේ හැට දෙනකුගෙන් සමන්විත පිරිසක් සුව වීමෙන් පසු ප්‍රවාහන පහසුකම් නැතිව සති දෙකකටත් වැඩි කාලයක් මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලේ ඉතා අසරණව සිටින බව ඔවුහු පවසති.
කොරෝනා වයිරසය ආසාධිත බවට හඳුනා ගැනීමෙන් පසු සති දෙකකට පෙර බස් රථ දෙකකින් ගම්පහ සිට මෙම පිරිස මරදමුනෙයි රෝහල වෙත රැගෙනවිත් ඇතුලත් කර ඇත.
දින 10 ක් සම්පූර්ණවීමෙන් පසු ආපසු යාහැකි බව පවසා ඇතත් මේ වනවිට සති දෙකක් ඉක්ම ගොස් ඇතැයි ඔවුහු පවසති.
කුඩා දරුවන් 15 ක්ද වන බවත් ඒ අතර මාස නවයක් වයසැති බිළිදකු ද වන බවද ඔවුහු සදහන් කරති.
දින දහයකට ප්‍රමාණවත් ඇදුම් හා කුඩා දරුවන්ට අවශ්‍ය ආහාර පාන ආදිය තමන් රැගෙන ආ බවත් ඒවා මේ වනවිට අවසන් වීමෙන් දරුවන් කුසගින්නේ තැබීමට සිදුව ඇතැයිද ඔවුහු සදහන් කරති.
COMMENTS
මොනව කරන්නද? ඉවසලා ඉන්න, ආණ්ඩුවට සල්ලි නෑනෙ. පෝට් සිටිය පාස් උනාම බස් එකක් එවන්නම්.
ලංකාව වැනි රටක ඉපදීම පවක් ලෙස දැනෙන්නේ මට පමණද?
දැන් සැපද? ඔහොම බලන් ඉන්න. පළාත් සභා ඡන්දෙ කිට්ටු වුණාම බස් එවන්නම්. ගමට ඇවිත් ඡන්දෙ දෙන්න.
සුගත්, ඔබ හරි ඒවා මෙයාලාට තේරෙන්නේ නැහැ.
අනේ රටකට ගිය කලක්
අම්මෝ .. ඒ උනාට රජවාසල සමහර ඇත්තන්ගේ හා වියත් මගෙන් ගිය සමහර දෙනාගේත්,කටවල් වල සව්දම නම් කොහොමද ? රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ වගෙයි කතාව ... කතාව දොලාවෙන්.ඒ උනාට ගමන පයින් .
දුර බස් ගමන් සේවාත් සීමාකර ඇති නිසා රෝගීන් එම දිස්ත්‍රික්කවලම නිරෝධායනය කිරීමට කටයුතු සලස්වන්න බැරිද?
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැ