IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි

(මනෝප්‍රිය ගුණසේකර)

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස  18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ වසර 1 1/2ක කාලය තුළදී උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් කෝටි 27කට අධික මුදල් වියදම් කරමින් කොළඹ අගනරයේ මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගැනීම්, සුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථ මිලදී ගැනීම්, බිරිඳගේ හා තමාගේ නම් වලින් ඇති බැංකු ගිණුම් වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිවය.

විත්තිකාර රමිත් රඹුක්වැල්ල නමැත්තා දූෂණ විරෝධී පනත යටතේ සඳහන් වරදක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

 



අදහස් (3)

කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි

පොඩිඑකා Saturday, 13 September 2025 08:39 AM

මෙන්නෝ…, ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදෙන් අසරණ පොඩි එවුංගෙන් පලිගන්නවෝ…..! බේරගන්න ජාතියන්තරේ වරෝ…!

:       4       58

යක්ක පුතා Saturday, 13 September 2025 09:14 AM

මේ රට මේ විදිහට වත් ඉතුරු වුණු එක පුදුමයි පොහොට්ටුවේ මේ වගේ හොරු ඇමතිවරු විදිහට ඉඳලත්...

:       5       61

Lakmal Saturday, 13 September 2025 09:30 AM

කඩේ යන වහල්ලු තාම ඉන්නවා

:       5       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 280 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site