
(යොහාන් භාසුර)
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බීම බට 16 ක තිබී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා අද (29) පැවසීය.
එම පුද්ගලයා ගෙනආ ආහාර බන්ධනාගරයේ අමුත්තන් පෙන්වන ස්ථානයේ රාජකාරී නියුතු නිලධාරීන් පරීක්‍ෂා කළ අවස්ථාවේදී කෙසෙල් ඇවරිය තුළ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බව කී ඒකනායක මහතා මෙම මත්ද්‍රව්‍ය රැගෙනආ පුද්ගලයා සහ අදාල මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාරදුන් බව ද සඳහන් කළේය.
අදාල සිදුවීම සම්බන්ධනයෙන් කළුතර බන්ධනාගාරය විමර්ශණයක් ආරම්භ කළ බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා වැඩි දුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd