IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කෘෂි පර්යේෂකයන්ට විශිෂ්ටතා සම්මාන

(අංජුල මහික වීරරත්න)

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.

පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹවීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලද දායකත්වය ඇගයීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) විසින් වසර දෙකකට වරක් මෙම සම්මාන උලෙළ සංවිධානය කෙරේ.

මෙවර සම්මාන උලෙළෙහිදී 2023 සහ 2025 වසරවලට අදාළව වන වගාව සහ අපනයන කෘෂිකාර්මික බෝග ඇතුළු වැවිලි වගාව, මල් වගාව ඇතුළු වැවිලි නොවන වගාව, පශු සම්පත් සහ ධීවර හා ජලජ සම්පත් යන කාණ්ඩ ත්‍රිත්වය යටතේ කෘෂි පර්යේෂණ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය කෙරිණි.

මෙම සම්මාන උලෙළ ඇමතු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ආනයන මත යැපීමට සිදු වීම සහ ඒ සඳහා පාරිභෝගික ජනතාවට විශාල පිරිවැයක් දැරීමට සිදු වීම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ප්‍රධාන ගැටලුවක් බවයි.



අදහස් (0)

කෘෂි පර්යේෂකයන්ට විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site