IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් ගෘහ සේවිකාවන් 35ක් මෙරටට

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස  වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත වී සිටි 35 දෙනෙකු  එරටින් අද (04) දින උදෑසන  පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් මෙසේ කුවේට් රාජ්‍යය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් වන අතර , එක් පිරිමි ගෘහ සේවකයෙකු සහ ගෘහ සේවිකාවන් 34 දෙනෙකු මෙම පිරිසට ඇතුළත් වී සිටියහ .

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව , අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එකගතා ඇති කර ගනිමින් මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවයේ නිරත පිරිස මෙසේ යළිත් ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන තිබුණි .

එහිදී මෙම සේවකයින්ට එරෙහිව පැවති නඩු සමථයකට පත් කර , තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර , ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාදී සහ හිග වැටුප් මෙන්ම අනෙකුත් ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ද ලබා ගැනීමට අවස්ථාවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හිමි කර දී තිබුණි .

මෙම පිරිස කුවේට් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(04) දින උදෑසන 06.35ට  එවා තිබුණි.



අදහස් (1)

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් ගෘහ සේවිකාවන් 35ක් මෙරටට

laks Monday, 04 December 2023 04:58 PM

මොවුන්ව හෙදියන්, චෙෆ් ඇතුලු හෝටල් රැකියා විදිහට පුහුණු ආයතන ඇතිවිය යුතුයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාසල් බසය ඇළට පෙරලෙයි
2024 පෙබරවාරි මස 26 0 0

අම්පාර උහන උදයගිරිය ප්‍රදේශයේදි පාසැල් දරුවන් රුගත් බස් රථයක් ඇළට පෙරලිම නිසා තුවාල ලැබු දරුවන් හතර දෙදෙනෙකු අම්පාර මහා රෝහලට අද (26) දහවල් ඇතුලත් කර ති


අධිකරණ 27 ක් ගිනි තැබූ අය රටේ යුක්තිය ගැන අහනවා
2024 පෙබරවාරි මස 26 64 0

එදා අධිකරණ 27 ක් ගිනි තබපු අය රටේ යුක්තිය කොහිදැයි අහන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා


‘ලාහෝර් මීයා’ ගුවන් යානය දින 3ක් නවතයි
2024 පෙබරවාරි මස 26 226 0

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපලේදී මීයෙක් රිංගීම හේතුවෙන් එම ගුවන් යානය පියාසර කිරීමට නොහැකිව දින හතරක් මේ වන


ග්‍රහලෝකාගාරය හෙට සිට වැසේ
2024 පෙබරවාරි මස 26 152 0

ග්‍රහලෝකාගාරය හෙට(27) සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇත


කොරියා භාෂා පරීක්ෂණයට ප්‍රවෙිශ පත් දින දෙයි
2024 පෙබරවාරි මස 26 72 0

2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍ර


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ
2024 පෙබරවාරි මස 26 861 3

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 281 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site