
(අංජුල මහික වීරරත්න)
වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රටේ පැවැති කීරි සම්බා සහල් හිඟය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිත්තර වී සදහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවි බාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 500ක බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් මෙවර යල කන්නයේ දී ආරම්භ කළේය.
අක්කර 1000ක කීරි සම්බා වගා කිරීමට සැලසුම් කළත් කීරි සම්බා බිත්තර වී සොයා ගැනීමට තිබු අපහසුතාවය නිසා එම වගා ව්‍යාපෘතිය අක්කර 500ක් දක්වා අඩු කිරීමට සිදු විය.
ගොවීන් 310කට කීරි සම්බා වගාව සඳහා අවශ්‍ය බිත්තර වී සහ අනෙකුත් යෙදවුම් සැපයීම වී අලෙවි මණ්ඩලය විසින් සැපයූ බව අමාත්‍යාංශය පවසයි.
අඟුණකොළපෑලැස්ස අලුත්වැව කීරි සම්බා වගාවේ අස්වනු නෙලීම ඉදිරි සතියේ සිදු කිරීමට නියමිතය.
මෙහි සමස්ත අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට සැලසුම් කර අතර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. මෙම කීරි සම්බා අස්වැන්න බිත්තර වී වශයෙන් ගොවීන් අතර බෙදාහැරීමට සැලසුම් කර ඇතලබන මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් අක්කර 2000ක කීරි සම්බා වගා කිරීම සඳහා කටයුතු යොදන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට කීරි සම්බා වී නාඩු වී මිලට බැහැලා රු120යි. සමහර වී මෝල් හිමියන් කීරි සම්බා වී නිකං දුන්නත් ගන්නේ නෑ.. නමුත් වී මෝල් හිමියන් කීරි සම්බා හාල් මාකට් එක බහින්න දෙන්නෑ...
ඕක ඉවර වෙන්නේ වෙළෙඳපලේ දැන් තියෙන කීරි සම්බා ටිකත් නැති කරලා...
අම්මට උඩු. අවුරුදු 70 කට කරන්න බැරි වූ දේවල් මොවුන් ටික මේ මාස 2-3ට කරලානේ. හරිම පුදුමයි අපේ රටේ සංවර්ධනය ගැන. අපරාදේ මොවුන්ව පරද්දවන්න හොඳ නැහැ. මොවුන්ටම තව අවුරුදු 5 ඉන්න වැඩ සලස්වමු.
හොඳ දෙයක් කරද්දි ඒක හොඳයි කියන්න බැරි කුහකයෝ ටිකක් රටේ ඉන්නවා
දැන් ඉතින් කීයක් තිබ්බද? ඔය තිත තියන්න බෑ. අර මහ හාල් මාෆියා කරායින් දෙන්නා ඉන්නකල්...!