IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කීරි සම්බා හිඟයට තිත තියන සැලසුම සාර්ථකයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.  

රටේ පැවැති කීරි සම්බා සහල් හිඟය නිසා  හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිත්තර වී සදහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවි බාරකාර අරමුදලේ මුල්‍ය ප්‍රතිපාදන මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 500ක බිත්තර වී සඳහා කීරි සම්බා වගා ව්‍යාපෘතියක් මෙවර යල කන්නයේ දී ආරම්භ කළේය.

අක්කර 1000ක කීරි සම්බා වගා කිරීමට සැලසුම් කළත්  කීරි සම්බා බිත්තර වී සොයා ගැනීමට තිබු අපහසුතාවය නිසා එම වගා ව්‍යාපෘතිය අක්කර 500ක් දක්වා අඩු කිරීමට සිදු විය.

ගොවීන් 310කට කීරි සම්බා වගාව සඳහා අවශ්‍ය බිත්තර වී සහ අනෙකුත් යෙදවුම් සැපයීම වී අලෙවි මණ්ඩලය විසින් සැපයූ බව අමාත්‍යාංශය පවසයි.

අඟුණකොළපෑලැස්ස අලුත්වැව කීරි සම්බා වගාවේ අස්වනු නෙලීම ඉදිරි සතියේ සිදු කිරීමට නියමිතය.

 මෙහි සමස්ත අස්වැන්න වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගැනීමට සැලසුම් කර අතර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නිතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි. මෙම කීරි සම්බා අස්වැන්න බිත්තර වී වශයෙන් ගොවීන් අතර බෙදාහැරීමට සැලසුම් කර ඇතලබන  මහ කන්නයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ  තවත් අක්කර 2000ක කීරි සම්බා වගා කිරීම සඳහා කටයුතු යොදන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා   වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.  



අදහස් (5)

කීරි සම්බා හිඟයට තිත තියන සැලසුම සාර්ථකයි

ජයතුබංඩා Sunday, 14 July 2024 09:29 AM

දැනට කීරි සම්බා වී නාඩු වී මිලට බැහැලා රු120යි. සමහර වී මෝල් හිමියන් කීරි සම්බා වී නිකං දුන්නත් ගන්නේ නෑ.. නමුත් වී මෝල් හිමියන් කීරි සම්බා හාල් මාකට් එක බහින්න දෙන්නෑ...

:       0       4

sachith Sunday, 14 July 2024 10:25 AM

ඕක ඉවර වෙන්නේ වෙළෙඳපලේ දැන් තියෙන කීරි සම්බා ටිකත් නැති කරලා...

:       2       2

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 14 July 2024 03:48 PM

අම්මට උඩු. අවුරුදු 70 කට කරන්න බැරි වූ දේවල් මොවුන් ටික මේ මාස 2-3ට කරලානේ. හරිම පුදුමයි අපේ රටේ සංවර්ධනය ගැන. අපරාදේ මොවුන්ව පරද්දවන්න හොඳ නැහැ. මොවුන්ටම තව අවුරුදු 5 ඉන්න වැඩ සලස්වමු.

:       2       3

ඇනිටොමස් Sunday, 14 July 2024 05:25 PM

හොඳ දෙයක් කරද්දි ඒක හොඳයි කියන්න බැරි කුහකයෝ ටිකක් රටේ ඉන්නවා

:       0       1

Jayasekara Monday, 15 July 2024 10:09 AM

දැන් ඉතින් කීයක් තිබ්බද? ඔය තිත තියන්න බෑ. අර මහ හාල් මාෆියා කරායින් දෙන්නා ඉන්නකල්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site