
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කැළණි ගඟේ සැඩ පහරට හසුව කිලෝමීටර් නවයකට ආසන්න දුරක් මරණය පෙනි පෙනී දියඹේ ගසාගෙන යමින් සිටි 46 හැවිරිදි දෙදරු මවකගේ දිවි බේරා ගැනීමට කඩුවෙල පොලීසියට සහ ගම්වාසීන්ට හැකිව තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වැලිවේරිය කිරිකීත්ත ප්‍රදේශයේ දෙදරු මවකි . ඇය මේ වන විට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
කැලණි ගඟෙහි නවගමුව ප්‍රදේශයේ සිට කාන්තාවක් ගඟේ ගසාගෙන යන බවට 119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා කඩුවෙල පොලිසියට දුරකථන පණිවිඩය ක් ලැබී තිබේ.
එම අවස්ථාවේදී වසමේ සංචාරයේ කරමින් සිටි කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාට ඒ පිළිබඳ දැනුම් දී ඇති අතර වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කඩුවෙල හන්දියේ පාලම අසලට ගොස් සෝදිසි කිරීමේදී පාලම යටින් සුළු මොහොතකට පෙරදී එම කාන්තාව ගසාගෙන ගිය බවට එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුගෙන් දැනගැනීමට ලැබී ඇත.
ඒ සමඟම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා කඹයක්ද,විදුලි පන්දම් කීපයක්ද කඩිනමින් සූදානම් කරන ලෙස සෙසු නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් ගඟට බැසීමට හැකියාව ඇති ප්‍රදේශවාසියෙක් වන සමන් අසිත නමැත්තාද සමඟ බෝගහ වත්ත පාලම අසලට ගොස් ඔහු ඟඟට බැසීමට සූදානම් කරවා , සෙසු පිරිසගේද සහය පාලම මත සිට විදුලි පන්දම් දල්වා කැලණි ගඟ ඉහළ සිට සැඩ පහරට හසුව ගසාගෙන එන කාන්තාව අල්ලා ගැනීම ට සමත්ව තිබේ.
අනතුරුව ස්ථානාධිපතිවරයා සිය නිල ජීප් රථයෙන්ම අසාධ්‍ය තත්ත්වයේ සිටි දෙදරු මව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.
ඇය දිවි නසාගැනීමේ අරමුණින් ගඟට පැන්නාදැයි පරීක්ෂණ සිදු කරන බව පොලීසිය කියයි.


කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා

කාන්තාවගේ දිවි බේරූ ෙසමන් අසිත මහතා
COMMENTS
විශාල පිනක් ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබේවා
මෙන්න මිනිස්සු මල් තියලා වදින්න වටින. ඔබ දෙපලට පින්. අනිත් උදව් කල සැමටත් පින්
රාත්‍රියේ සැඩ පහරට ගසාගෙන ගිය ජීවිතක් බේරා ගැනීම සැබවින්ම අගය කල යුතු දෙයක්.
පීනන්න දන්න අය වතුරට පැන්නට ගිලෙන්නේ නෑ,ඇය උදව් කල අසිත ඇතුළු සියලු දෙනාටම දීර්ඝායුෂ සහ ජය පතමි
ප්‍රශංසනීයයි. එතුමාට විතරක් නොවෙයි මේ සද් කාර්යයට හවුල් වූ තරුණයාද ඇතුළුව සැමට පිං.
සම්බන්ධ වූ සියලු දෙනාටම දිර්ඝායු වේවා
මේ දවස්වල කැළණි ගඟ දැක්කත් බයයි.
මල්තියලා වඳින්න ඕන මිනිස්සු බුදු සරණයී දෙදෙනාටම