IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කැලෑ කපනවා නම් 1995

(දිනේෂ් සමරකෝන්)

‘වන සුරැකුම්’ යන නමින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් හෙට  ආරම්භ කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

රක්ෂිත ආරක්ෂා කිරීම, වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම, වන අපරාධ මැඩපැවැත්වීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම, වන අපරාධ සම්බන්ධයෙන් මෙරට ජනතාවට තොරතුරු ලබා දිය හැකි විශ්වාසනීය ස්ථානයක් ගොඩනැගීම යන අරමුණු මූලික කර ගනිමින් වන සුරැකුම් මෙහෙයුම් මධ්‍යස්ථානය ආරම්භ කරන බව හෙතෙම සඳහන් කළේය.

එම මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘතව තබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව එම මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහා වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට 1995 යන ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී ඇති අතර මෙම දුරකතන අංකය පැය 24ම ක්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.

වනාන්තර ගිනි තැබීම, අනවසර දැව කැපීම, වනාන්තර අනවසරෙන් එළි පෙහෙලි කිරීම, අලි - ඇතුන් ඇතුළු වනජීවින්ට සිදු කරන අපරාධ, වන උද්‍යාන වලට සහ වනාන්තර පද්ධති වලට හානිකර ක්‍රියාකාරකම් වැනි අපරාධ පිළිබඳ තොරතුරු 1995 ක්ෂණික දුරකතන අංකය හරහා ජනතාවට දැනුම්දීමට හැකියාව පවතී.

 



අදහස් (5)

කැලෑ කපනවා නම් 1995

de silva Sunday, 02 November 2025 04:20 PM

වන විනාශයට මමත් තදින් විරුද්ධ වෙමි... නමුත් ජනතාව වන විනාශයට පෙලඹිලා තිබෙන්න දැවවලට රට තුළ තිබෙන අධික ඉල්ලුම නිසා... ඉදිකිරීම් ශේත්රයට දැව ඉතා අත්‍යාවශ්‍ය සාධකයක්... යම් යම් ප්‍රශ්න තහංචි පමණක් දමලා විසදන්න බැහැ. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දු අරගෙන දිගුකාලීන විසදුම් වලට යන්න ඕනේ.., මෙම ප්‍රශ්නෙට විසදුම් ලෙස මම දකින්නේ 1) පිට රටින් ගෙන එන කෙම්පස් වැනි දැව වලට ගහන අධික තීරු බද්ද සම්පූර්ණයෙන් නැති කිරීම හෝ 20% වැනි අගයක් දක්වා පහල හෙලීම , 2) දැව සදහා වන වගා කිරීම ප්‍රචලිත කිරීම සහ එසේ කරන පුද්ගලයන්ට අවශ්‍ය උපදෙස් සහ ආධාර ලබාදීම , 3) දැව වෙනුවට යෙදිය හැකි වෙනත් ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳ දැනුම ඉදිකිරීම් ශේත්රයට ලබාදීම, මේවා මුකුත් නොකර ටෙල්ෆෝන් නොම්මරයක් පමණක් හදුන්වා දීම ප්‍රමාණවත් නැත. ෆොරස්ට් එකේ බොහෝ නිලධාරින්ද ජාවාරම් කරුවන් සමග එකට කටයුතු කරන නිසා

:       0       41

sam Sunday, 02 November 2025 04:31 PM

කොළඹ පරිසර අමාත්‍යාංශයේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වනවා. මෙතෙක් ලංකාවේ විවිද ප්‍රදේශවල සිදුවන වනාන්තර ගිනි තැබීම්, අනවසර එළි කිරීම්, අලි ඇතුන් ඇතුළු වන ජීවීන්ට සිදුකරන අපරාධ සහ වනාන්තර පද්ධතිවලට සිදුවන ඕනෑම හානියක් සම්බන්ධයෙන් අදාල ප්‍රදේශවල වගකිවයුතු ආයතන වෙත (පොලිසිය ඇතුළුව) ඍජුවම ලබෙන්නා වූ දුරකථන ඇමතුම් පිළිබදව ක්‍රියාත්මක නොවී සිටියේද? කොළඹ පරිසර අමාත්‍යාංශයේ විවෘත කිරීමට නියමත වන සංරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබෙන්නා වූ එම දුරකථන ඇමතුම "නැවත" එම ප්‍රදේශවල / කලාපවල පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයින් වෙත දැනුම් දීම සිදුවේ. 360 degrees විසදුමක්

:       7       1

ජය Sunday, 02 November 2025 07:11 PM

කපන්න කැලේ ඉතිරිවෙලා තියෙනවැයි..........

:       0       2

de silva Sunday, 02 November 2025 07:30 PM

අපි හැමදාම කලේ ලෙඩක් හැදුනම වේදනා නාශක ගන්නවා වගේ ප්‍රශ්න වලට පැලැස්තර විසදුම දෙන එක , නමුත් නව රජය ප්‍රශ්නෙට මුල හොයල විසදුමක් දෙවි කියල සිතනවා , නැතිනම් අපි දීපු චන්දෙ තේරුමක් නැහැ , කලින් ක්‍රමයටම යනවා නම්

:       0       1

sanath Monday, 03 November 2025 01:19 PM

සිල්වා මහතාගේ අදහස හරියට හරි..., එක එක තහංචි පමණක් දමලා ප්‍රශ්න විසදන්න බැහැ... පැවැති රජයන් හැමදාම කලේ ලී වලට පමණක් නොවේ... ආනයනය කරන හැම දෙයකටම නොසහෙන තීරු බදු ගහලා අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ සිටින අකාර්යක්ෂම , දුෂිත රජයේ නිලධාරීන් නඩත්තු කිරීම, මේවාට වගකිව යුතු පරිසර අධිකාරී සහ ෆොරස්ට් එකේ නිලධාරී හිටියත් ඔවුන් කවදාවත් මැලේසියාවේ ඉන්දුනීසියාවේ සහ යුරෝපයේ කෙරෙන ආකාරයට අනාගතේට අවශ්‍ය දැව සපයාගැනීමට අවශ්‍ය කෙරෙන වන වගාවක් ස්ථාපිත කරන්න කිසිම සැලකිය යුතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලේ නැහැ. මාලිමා රජයට මම යෝජනා කරනවා කෙටි කාලින විසදුමක් ලෙස ආනයනික දැව සදහා අයකරන බදු 20% හෝ ඊට පහළ මට්ටමකට ගෙන එන්න. ඉන් පසුව දිර්ඝකාලීන විසදුම නම් දැව සදහා අවශ්‍ය වන වගා දීප ව්‍යාප්ත ක්‍රමවත් වන වගා වැඩසටහනකට යන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site